Song Title : Sitha Paranawado Ashawan (සිත පාරනවාදෝ ආශාවන්)
ගායනය : එච්. ආර්. ජෝතිපාල
සිත පාරනවාදෝ ආශාවන්
ඔබ මනසින් වෙන්වී මා දවමින්
සිත පාරනවාදෝ ආශාවන්
ඔබ මනසින් වෙන්වී මා දවමින්
මන මන්දිර දෙදරා ඇද හැලුනා
ඇයි මදුරියේ ගොලුවී අද මුවගින්
සිත පාරනවාදෝ ආශාවන්
ඔබ මනසින් වෙන්වී මා දවමින්
සඳ ඉහිරුණු පිණි මල් උයන අරා
දුර ඈතට ඇසුනා කඳුළු කතා
ඔබ කාටද කොඳුරා හිතට හොරා
මේ දෑතින් මිදුනා සසරපුරා
සංවේගය ඉවසා ඉම්ද කෙසේ
ගිම්හානය නැවතී මා හද පෙලා
සිත පාරනවාදෝ ආශාවන්
ඔබ මනසින් වෙන්වී මා දවමින්
කඳු බෑවුම අද්දර පුංචි පැලේ
ඔබ කාටද පිපුනේ කුමුදු මලේ
මම දෝතම දිගු කර නෙළුව මලේ
පෙති ගිලිහි සුළගට විසිර ගියේ
අපි එක තැන වැලලෙමු ප්‍රිය ලදුනේ
අවසානය දක්වා මා එනවා
සිත පාරනවාදෝ ආශාවන්
ඔබ මනසින් වෙන්වී මා දවමින්
සඳ ඉහිරුණු පිණි මල් උයන අරා
දුර ඈතට ඇසුනා කඳුළු කතා
ඔබ කාටද කොඳුරා හිතට හොරා
මේ දෑතින් මිදුනා සසරපුරා
සංවේගය ඉවසා ඉම්ද කෙසේ
ගිම්හානය නැවතී මා හද පෙලා
සිත පාරනවාදෝ ආශාවන්
ඔබ මනසින් වෙන්වී මා දවමින්
මන මන්දිර දෙදරා ඇද හැලුනා
ඇයි මදුරියේ ගොලුවී අද මුවගින්
0 comments:
Post a Comment