මායි ඌයි අපේ සෙට් එකේ කොල්ලොයි සොත්ති කට්ටක් කෑවා තල් ගහක් හෙවනක උෟ එක්ක මම ඉන්දිය මතකයි අපි ඉන්දපු තැනට එහායින් තිබුනු තැනකට ආව මෝටාර් එකේ සද්දෙත් එක්ක මට මතක ලෝකයම අදුරැවෙලා ගියා කියල මෝටාර් එකෙන් ගැලවී විසීනු කෑලි මගේ මූනෙත් බෙල්ලෙත් අදටත් කැලල් තියනව සිහි නැතිවුනු මාව බිම්බෝම්බ පිරැනු පාරවල් වලින් බේරන් නිරැදක තල් අරඹ මැදින් කරේ තියන් කෑම්ප් එකට ගෙනත් තියෙන්නෙ සාගර දින ගානක් අධිසත්කාරෙ මම ඉන්දල තියනව සනීප වුනත් මට කන්න බොන්න බෑ කතාකරගන්න බෑ සාමාන්‍ය වාට්ටුව කට මාරැ කරද්දි ගොතගහල මම ඇහුවෙ සාගර ගැන වෙලාවක් දිනයක් නොදැන කාලය ගතවුනා ආමි හොස්පිට්ල් එකේ ඉදන් මම ගෙදර ආවත් මට කතාකරගන්න පුළුවන් කමක් තිබුනෙ නෑ එදා මට අද වගේ මතකයි මහ රෑ මම පාර පැත්තට ගියේ නිකමට වගේ එකපාර හිතුන යන්න ඕන කියල ඒ සිතුවිල්ල මෙනොව සාගර මන් දිහාට එන හැඩරැව මට දැකගන්න වෙලාගතවුනේ නෑ උඹට දැන් කොහොමද ?මම ආවෙ උඹව බලන්න කතාකරගන්න බෑ මම ඌව එහෙම්ම බදාගත්ත ඇස් වලින් උනුකදුළු විද්ද කීවොත් හරි මගේ ඇස්වල තිබුනු කියාගන්න බැරි වචන ටික උෟ තේරැම් ගත්ත එහෙනම් මම යන්නම් වෙනුර ඒ හඩ අදටත් මට මතකයි හැමදාම සමුගත්තෙ ගිහින් එන්නම් කියල ඒත් මට ඒක එදා තේරැනේ නෑ සාගර යන්න ගියා මම බලන් ඉදිය මට කියාගන්න බැරි දුකක් එක්ක මම ගෙදරට ගොඩවුනා ඒත් මට මගදි දැනුන කවුරැ හරි මගේ පස්සෙන් එනව වගේ හැරිල බැළුවත් කවුරැවත් නෑ මාව දැකපු බල්ල දම්වැල කඩාගන්න මහ හයියෙන් ගේට්ටුව දිහා බලන් බුරන්න ගත්ත මං ගේට්ටුව වහද්දි මට ආයෙ සාගර කතාකරනව වගේ ඇහුන "මම යනව වෙනුර" හිතේ ඇදුනු හඩක් පහුවදා මට ආරන්චිය
ලැබෙනකොට සාගර ජීවතුන් අතරින් සමුඅරන් ඒ දවස ඒ කියන්නෙ සාගර මාව බලන්න ඇවිත් නෑ ඒ ආවේ මගේ රත්තරං යාළුවගේ ආත්මය උෟ හොල්මනක් වත් අවතාරයක්වත් නෙමෙයි උෟ දෙවිකෙනෙක් මගේ ජීවිතය බේරපු දෙවිකෙනෙක් අපි හැමෝම දාල මතකය ඉතුරැකරල උෟ ගියා... හැමදාාම දකින දකින බෝදියකට අත් එක්කරල වැදල මම ඉල්ලන්නෙ උඹ ඉන්න තැනක හොදින් ඉන්න ලැබෙන්න කියල පුළුවන්නම් ආයේ ඇවිත් මාව බලල පලයන් පින් සිද්දවෙයි බන් මට එක වචනයක් උඹ එක්ක කතාකරන්න බැරි වුනා අදටත් උඹ නැති අඩුව මට දැනෙනව මගේ ලොකුපුතාට මම දැම්මෙ උබේ නම මතක් වෙන්න හැමදාටම බන් මට කවදාවත් උඹ අමතක වෙනකක් නෑ ......සත්‍ය සිදුවීමක නිර්මානාත්මක ඉදිරිපත් කිරීමකි.... මම ආර්‍යන් සපුමල්.
0 comments:
Post a Comment