Sa Patawun Muwa Powwan Song Lyrics - සා පැටවුන් මුව පොව්වන් ගීතයේ පද පෙළ

Sa Patawun Muwa Powwan Song Lyrics - සා පැටවුන් මුව පොව්වන් ගීතයේ පද පෙළ
Song Title : Sa Patawun Muwa Powwan (සා පැටවුන් මුව පොව්වන්)
ගායනය : ඉන්ද්‍රානි පෙරේරා
පද රචනය : ආචාර්ය අජන්තා රණසිංහ
තනුව හා සංගීතය : ස්ටැන්ලි පීරිස්


සා පැටවුන් මුව පොව්වන්
පැන පැන අතු ඉති අතරින්
මා පුතුනේ රත්තරනින්
කිරි සිහින අරන් එනවා
සා පැටවුන් මුව පොව්වන්

කිරි මුහුදේ පෙන බුබුළකි
පුතු සැතපෙන යහනා
සේපාලික මල් පොකුරකී
පුතුට දෙන්න යහනා
මගේ පුතා කොතැන ගියේ
මානෙල් මල් විලට ගියේ
බාලොලි ලොලි බිලිඳු මුවේ
මානෙල් මල් සුවඳ තියේ

සා පැටවුන් මුව පොව්වන්
පැන පැන අතු ඉති අතරින්
මා පුතුනේ රත්තරනින්
කිරි සිහින අරන් එනවා
සා පැටවුන් මුව පොව්වන්

ගඟට උඩින් කිරි වවුලෝ
පියාඹලා යාවී
කිරි මදු වැල් ගංගාවකින්
පුතුට අරන් ඒවී
මගේ පුතා කොතැන ගියේ
මානෙල් මල් විලට ගියේ
බාලොලි ලොලි බිලිඳු මුවේ
මානෙල් මල් සුවඳ තියේ

සා පැටවුන් මුව පොව්වන්
පැන පැන අතු ඉති අතරින්
මා පුතුනේ රත්තරනින්
කිරි සිහින අරන් එනවා
සා පැටවුන් මුව පොව්වන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sa Patawun Muwa Powwan Song Lyrics - සා පැටවුන් මුව පොව්වන් ගීතයේ පද පෙළ Sa Patawun Muwa Powwan Song Lyrics - සා පැටවුන් මුව පොව්වන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 21, 2022 Rating: 5

0 comments:

Post a Comment