Rogi Dase Asa Radawannata Song Lyrics - රෝගී දෑසේ ඇස රඳවන්නට ගීතයේ පද පෙළ

Rogi Dase Asa Radawannata Song Lyrics - රෝගී දෑසේ ඇස රඳවන්නට ගීතයේ පද පෙළ
Song Title : Rogi Dase Asa Radawannata (රෝගී දෑසේ ඇස රඳවන්නට)
ගායනය : කරුණාරත්න දිවුල්ගනේ
ගී පද : මහින්ද දිසානායක
සංගීත නිර්මාණය : උපාලි ජයලත්


රෝගී දෑසේ ඇස රඳවන්නට
ඇයිද පමා වෙන්නේ
ඔබ ළඟ නැතිදා කෙලෙසක දෝ හද
ගිමන නිවී යන්නේ

රෝගී දෑසේ ඇස රඳවන්නට
ඇයිද පමා වෙන්නේ
ඔබ ළඟ නැතිදා කෙලෙසක දෝ හද
ගිමන නිවී යන්නේ

සමීප සයනේ සාද තෙපුල් මැද
තැවිසිත සුවපත් වේ
සමීප සයනේ සාද තෙපුල් මැද
තැවිසිත සුවපත් වේ
තනිකම දැවටී දෑසේ දෑලින්
උණු කඳුලැලි වෑහේ
තනිකම දැවටී දෑසේ දෑලින්
උණු කඳුලැලි වෑහේ

රෝගී දෑසේ ඇස රඳවන්නට
ඇයිද පමා වෙන්නේ
ඔබ ළඟ නැතිදා කෙලෙසක දෝ හද
ගිමන නිවී යන්නේ

ජීවක දෑතේ පහස ලැබූවත්
සුව නැහැ ලං වෙන්නේ
ජීවක දෑතේ පහස ලැබූවත්
සුව නැහැ ලං වෙන්නේ
එපා කිසිත් වෙන දෑස පතන ඔබෙ
රුව බෙහෙතක් වැන්නේ

රෝගී දෑසේ ඇස රඳවන්නට
ඇයිද පමා වෙන්නේ
ඔබ ළඟ නැතිදා කෙලෙසක දෝ හද
ගිමන නිවී යන්නේ

රෝගී දෑසේ ඇස රඳවන්නට
ඇයිද පමා වෙන්නේ
ඔබ ළඟ නැතිදා කෙලෙසක දෝ හද
ගිමන නිවී යන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Rogi Dase Asa Radawannata Song Lyrics - රෝගී දෑසේ ඇස රඳවන්නට ගීතයේ පද පෙළ Rogi Dase Asa Radawannata Song Lyrics - රෝගී දෑසේ ඇස රඳවන්නට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 19, 2022 Rating: 5

0 comments:

Post a Comment