Song Title : Ranwan Samanala Sena (රන්වන් සමනල සේනා)
ගායනය : නීලා වික්‍රමසිංහ සමග මෝහන් රාජ් මුත්තුසාමි
පද : පූජ්‍ය වත්තේවැවේ ධම්මානන්ද හිමි
තනුව : නීලා වික්‍රමසිංහ
වසන්ත සමය ඇවිත්
වසන්ත සමය ඇවිත් සිරිපා කරුණා කරණ්ඩ
අපටත් කතා කරයි
සමනල ගිරට උඩින්
වැඩුණත් හද බැඳි පෙම් //
ශිවනඩි පාදම් වඳින්න මැණිකේ
අවසර වේන්ඩුම්
සමනල කන්ද නුඹයි
සීතල ගඟුල මමයි //
කුංකුම පොට්ටු තියා කෝවිල් බිමට වැටෙන්නම්
රජ හිස කිරුළ මමයි
කරුළ'ග මැණික නුඹයි //
කුංකුම පොට්ටු තියා පැළඳ ගන්න
මැණිකේ අවසර වේන්ඩුම්
වසන්ත සමය ඇවිත් සිරිපා කරුණා කරණ්ඩ
අපටත් කතා කරයි
රන්වන් සමනල සේනා
සමනල ගිරට උඩින්
වැඩුණත් හද බැඳි පෙම් //
ශිවනඩි පාදම් වඳින්න මැණිකේ
අවසර වේන්ඩුම්
අතිනත් බැඳී පෙමින්
මහගිරිදඹ නගිමින් //
හිමගිර උස බලන්න සමන් දෙවි කරුණාවයි
කුලගෙයි සිරිත ලෙසින්
නිළමෙගෙ හිතත් අරන් //
මහගිරිදඹේ යන්න ශිවම් නිරිඳු
මැණිකේ අවසර වෙන්නම්
0 comments:
Post a Comment