Oba Soyana Kalu Kella Mamayi Song Lyrics - ඔබ සොයනා කළු කෙල්ල මමයි ගීතයේ පද පෙළ

Oba Soyana Kalu Kella Mamayi Song Lyrics - ඔබ සොයනා කළු කෙල්ල මමයි ගීතයේ පද පෙළ
Song Title : Oba Soyana Kalu Kella Mamayi (ඔබ සොයනා කළු කෙල්ල මමයි)
ගායනය : ඉන්ද්‍රාණි පෙරේරා
පද රචනය : හේම ශ්‍රී ද අල්විස්
සංගීතය : වික්ටර් දළුගම


නෙත් යුග රන් තරු යුවල තමයි
තොල් පෙති නා දළුවලට සමයි
මගෙ හද ඔබෙ සුව යහන තමයි
ඔබ සොයනා කළු කෙල්ල මමයි
ඔබ සොයනා කළු කෙල්ල මමයි

අඳුරින් බර වැහි කතරෙ පවා
ආලෝකය දෙමි උදය හවා
ගිමනට සීතල සෙවණ මවා
දිය දහරක් වෙමි පවස නිවා
දිය දහරක් වෙමි පවස නිවා

නෙත් යුග රන් තරු යුවල තමයි...

රළ ලෙස ජීවන දිය දහරේ
අත ගෙන එමි ඔබ යන පාරේ
සුපුරුදු ගතිගුණ අත නෑරේ
දුක හෝ සැප විඳ ගමු මිහිරේ
දුක හෝ සැප විඳ ගමු මිහිරේ

නෙත් යුග රන් තරු යුවල තමයි
තොල් පෙති නා දළුවලට සමයි
මගෙ හද ඔබෙ සුව යහන තමයි
ඔබ සොයනා කළු කෙල්ල මමයි
ඔබ සොයනා කළු කෙල්ල මමයි

ඔබ සොයනා කළු කෙල්ල මමයි ////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Oba Soyana Kalu Kella Mamayi Song Lyrics - ඔබ සොයනා කළු කෙල්ල මමයි ගීතයේ පද පෙළ Oba Soyana Kalu Kella Mamayi Song Lyrics - ඔබ සොයනා කළු කෙල්ල මමයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 21, 2022 Rating: 5

0 comments:

Post a Comment