Song Title : Oba Dakaganime (ඔබ දැකගැනීමේ)
ගායනය : නිරංජලා සරෝජිනී
ගී පද : ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය : ස්ටැන්ලි පීරිස්
ඔබ දැකගැනීමේ
අරමුණ දිවා රැයේ
දෙ ඇසේ කැවී කැවී
වැලි ලෑ විලාසේ//
ඔබ දැකගැනීමේ
සෙනෙහේ වරුසා වැටී
ඔබ හමුවේ
සතුටේ රිදී තිරේ
සිත පාවේ
ලොව කැළඹුනාවේ
ඒ සුළු වෙලාවේ
අපි ඉමු කතා නැතී
දරුවෝ විලාසේ
ඔබ දැකගැනීමේ
අරමුණ දිවා රැයේ
දෙ ඇසේ කැවී කැවී
වැලි ලෑ විලාසේ
දවසේ තුන් යාමයේ
ඔබ ඇසුරේ
පසු වී නොයා බිඳී
අද වාගේ
විසුමට කොහේ හෝ
මේ මිහි තලාවේ
හෙවණක මුවා වෙමූ
මිහිරේ පමාවේ
ඔබ දැකගැනීමේ
අරමුණ දිවා රැයේ
දෙ ඇසේ කැවී කැවී
වැලි ලෑ විලාසේ //
0 comments:
Post a Comment