Me Gaga Me Dura Kathara Gewa Song Lyrics - මේ ගඟ මේ දුර කතර ගෙවා ගීතයේ පද පෙළ

Me Gaga Me Dura Kathara Gewa Song Lyrics - මේ ගඟ මේ දුර කතර ගෙවා ගීතයේ පද පෙළ
Song Title : Me Gaga Me Dura Kathara Gewa (මේ ගඟ මේ දුර කතර ගෙවා)
ගායනය : නිරංජලා සරෝජිනී
පද රචනය : ලූෂන් බුලත්සිංහල
තනුව සහ සංගීතය : එච්. එම්. ජයවර්ධන


මේ ගඟ මේ දුර කතර ගෙවා
ඇයි මෙතනින් සයුරේ වැටුණේ
මේ හැටි දුර පියමං කරලා
ඇයි මම ඔබ ළඟ නතර වුණේ

මේ විල මේ නිල් දියෙන් පිරී
ඇයි මේ මල විල මත පිපුණේ
මා හද විල පතුලෙන් මතු වී
ඇයි ඔබෙ ආදර මල පිපුණේ
ඇයි ඔබෙ ආදර මල පිපුණේ

මේ ගඟ මේ දුර කතර ගෙවා
ඇයි මෙතනින් සයුරේ වැටුණේ
මේ හැටි දුර පියමං කරලා
ඇයි මම ඔබ ළඟ නතර වුණේ

මේ විස කටු ගස ළඟ ඉපදී
ඇයි මේ මල් වැල එහි එතුණේ
ගිලිහී යන්නට ඔබෙ සුරතේ
ඇයි මගෙ මේ ඇතැඟිලි බැඳුණේ
ඇයි මගෙ මේ ඇතැඟිලි බැඳුණේ

මේ ගඟ මේ දුර කතර ගෙවා
ඇයි මෙතනින් සයුරේ වැටුණේ
මේ හැටි දුර පියමං කරලා
ඇයි මම ඔබ ළඟ නතර වුණේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment