Me Demansale Song Lyrics - මේ දෙමංසලේ ගීතයේ පද පෙළ

Me Demansale Song Lyrics - මේ දෙමංසලේ ගීතයේ පද පෙළ
Song Title : Me Demansale (මේ දෙමංසලේ)
ගායනය : නීලා වික්‍රමසිංහ
පද : බණ්ඩාර ඇහැළියගොඩ
තනුව : නීලා වික්‍රමසිංහ


මේ දෙමංසලේ
අපි එදා හමුවුණේ
නුඹ කොතැනද කොයි කවුදෝ දන්නේ
අද මං විතරයි තනියම ඉන්නේ

මල් මුවරද සොරාගන්ට
පියඹා එන සමනලුන්ට
දං බෝවිටියා සුවඳට
ළංවූ සියොතුන් රෑනට
අපි ආ ගිය වගක් මතක නෑ
අපි ආ ගිය වගක් මතක නෑ

මේ දෙමංසලේ
අපි එදා හමුවුණේ
නුඹ කොතැනද කොයි කවුදෝ දන්නේ
අද මං විතරයි තනියම ඉන්නේ

හස නඟනා දොළ පාරට
සිත නිවනා මල් යායට
මල් සුවඳට මඳ පවනට
සඳ මඬලට තරු පොකුරට
අපි ආ ගිය වගක් මතක නෑ
අපි ආ ගිය වගක් මතක නෑ

මේ දෙමංසලේ
අපි එදා හමුවුණේ
නුඹ කොතැනද කොයි කවුදෝ දන්නේ
අද මං විතරයි තනියම ඉන්නේ

නුඹ කොතැනද කොයි කවුදෝ දන්නේ
අද මං විතරයි තනියම ඉන්නේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Me Demansale Song Lyrics - මේ දෙමංසලේ ගීතයේ පද පෙළ Me Demansale Song Lyrics - මේ දෙමංසලේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 17, 2022 Rating: 5

0 comments:

Post a Comment