Maduraoya Pamule Song Lyrics - මාදුරාඔය පාමුලේ ගීතයේ පද පෙළ

Maduraoya Pamule Song Lyrics - මාදුරාඔය පාමුලේ ගීතයේ පද පෙළ
Song Title : Maduraoya Pamule (මාදුරාඔය පාමුලේ)
ගායනය : ප්‍රදීපා ධර්මදාස
පද රචනය : රෝහිත භාෂන අබේවර්ධන
තනුව හා සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ


මාදුරාඔය පාමුලේ
හලාහල විෂ
විත අතින් ගෙන
සූරියා
ඇද වැටී සිටියා
පෑළ දිග නිල් ආකහේ දිහාවට
මළ ඇස් හැරී තිබුණා

ග්‍රීෂ්මයේ
බැත සොරාගත් සාගතේ
ණය සොයා ගිය සිරිපතුල්වල
ලේ පිරී ගැලුවා
හාමතේ
ගිනි දරාගත් ඉල බැරැන්දේ
නඩු කොලේ නොලියා තිබූ
දුක ලියා තිබුණා

මාදුරාඔය පාමුලේ
හලාහල විෂ
විත අතින් ගෙන
සූරියා
ඇද වැටී සිටියා
පෑළ දිග නිල් ආකහේ දිහාවට
මළ ඇස් හැරී තිබුණා

රාත්‍රියේ
විෂ ගැලූ නිල් තොල් පියා
සූරියා
ආකහේ යට සැතපිලා හිටියා

ළිහිණියෝ
වළදැමූ අසිපත් සොයා
තුඩු පුරා මේ විස පොවා
වළදැමූ අසිපත් සොයා
තුඩු පුරා මේ විස පොවා
යව රණ බිමට පියඹා ////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Maduraoya Pamule Song Lyrics - මාදුරාඔය පාමුලේ ගීතයේ පද පෙළ Maduraoya Pamule Song Lyrics - මාදුරාඔය පාමුලේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 26, 2022 Rating: 5

0 comments:

Post a Comment