Lihinin Rana Piyasalanne Song Lyrics - ළිහිණින් රෑන පියාසලන්නේ ගීතයේ පද පෙළ

Lihinin Rana Piyasalanne Song Lyrics - ළිහිණින් රෑන පියාසලන්නේ ගීතයේ පද පෙළ
Song Title : Lihinin Rana Piyasalanne (ළිහිණින් රෑන පියාසලන්නේ)
ගායනය : ප්‍රියා සූරියසේන
පද රචනය : ධර්මරත්න පෙරේරා
තනුව හා සංගීතය : සරත් දසනායක


ළිහිණින් රෑන පියා සලන්නේ
මන්දාරම් වැහි පොද වැටෙන්නේ
රුක්මල් හැන්දෑවේ පිපෙන්නේ
සීනෙන්වත් නුඹ නෑ පෙනෙන්නේ
ළිහිණින් රෑන පියා සලන්නේ
මන්දාරම් වැහි පොද වැටෙන්නේ

ගඟ දිය හඬන්නේ
විහඟුන් අසන්නේ
නුඹ කොතැනකද කියාලා //
පෙර සේ මා සොයාලා
මහ දේ ගිණි නිවාලා
ගමට එන්න ඇවිත් යන්න රත්තරන්

ළිහිණින් රෑන පියා සළන්නේ
මන්දාරම් වැහි පොද වැටෙන්නේ
රුක්මල් හැන්දෑවේ පිපෙන්නේ
සිහිනෙන්වත් නුඹ නෑ පෙනෙන්නේ
ළිහිණින් රෑන පියා සලන්නේ
මන්දාරම් වැහි පොද වැටෙන්නේ

මට හිමි මනාලී
පිට ගම් ගියාවේ
විරසක නොවෙන් කියාලා //
සංසාරේ කොහේ හෝ
ඉපදී මුණ ගැහීලා
වෙන් නොවන්න පෙරුම් පුරමු රත්තරන්

ළිහිණින් රෑන පියා සළන්නේ
මන්දාරම් වැහි පොද වැටෙන්නේ
රුක්මල් හැන්දෑවේ පිපෙන්නේ
සිහිනෙන්වත් නුඹ නෑ පෙනෙන්නේ
ළිහිණින් රෑන පියා සලන්නේ
මන්දාරම් වැහි පොද වැටෙන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Lihinin Rana Piyasalanne Song Lyrics - ළිහිණින් රෑන පියාසලන්නේ ගීතයේ පද පෙළ Lihinin Rana Piyasalanne Song Lyrics - ළිහිණින් රෑන පියාසලන්නේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 28, 2022 Rating: 5

0 comments:

Post a Comment