Kolom Thotin Naw Nagga Song Lyrics - කොළොම් තොටින් නැව් නැග්ගා ගීතයේ පද පෙළ

Kolom Thotin Naw Nagga Song Lyrics - කොළොම් තොටින් නැව් නැග්ගා ගීතයේ පද පෙළ
Song Title : Kolom Thotin Naw Nagga (කොළොම් තොටින් නැව් නැග්ගා)
ගායනය : ප්‍රදීපා ධර්මදාස
පද රචනය : රත්මලේ බන්දුල ගුණවර්ධන
තනුව හා සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ


කොළොම් තොටින් නැව් නැග්ගා
අපේ රටේ මනුස්සකම
කොළොම් තොටට ගොඩ බැස්සේ
අමන කමයි ඒ වෙනුවට //

බෝනික්කන් ඇස් නටවන
ලස්සන හුරුබුහුටි කමට
නැවෙන් ඇවිත් කොළොම් තොටට
ගොඩබැස්සා අපූරුවට
අපෙ ඇත්තෝ බෝනික්කන්
මිලදී ගෙන කාසි වලට
කිරි දරු පැටවුන්ගෙන් නැව
පුරවන්නේ ඒ වෙනුවට

කොළොම් තොටින් නැව් නැග්ගා
අපේ රටේ මනුස්සකම
කොළොම් තොටට ගොඩ බැස්සේ
අමන කමයි ඒ වෙනුවට

මව් තුරුළේ පිපෙන මලට
ලන්සු තියන නොමිනිසුන්ය
දුප්පතුනගෙ මල් නෙළමින්
ඉසුරු සොයන බැතිමතුන්ය
කිරි දරුවන් විතරක් නොව
මාරු වෙලා කාසි වලට
කොළොම් තොටින් නැව් නැග්ගේ
අපේ රටේ මනුස්සකම

කොළොම් තොටින් නැව් නැග්ගා
අපේ රටේ මනුස්සකම
කොළොම් තොටට ගොඩ බැස්සේ
අමන කමයි ඒ වෙනුවට ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kolom Thotin Naw Nagga Song Lyrics - කොළොම් තොටින් නැව් නැග්ගා ගීතයේ පද පෙළ Kolom Thotin Naw Nagga Song Lyrics - කොළොම් තොටින් නැව් නැග්ගා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 26, 2022 Rating: 5

0 comments:

Post a Comment