Kawum Kadak Dora Mulle Song Lyrics - කැවුම් කදක් දොර මුල්ලේ ගීතයේ පද පෙළ

Kawum Kadak Dora Mulle Song Lyrics - කැවුම් කදක් දොර මුල්ලේ ගීතයේ පද පෙළ
Song Title : Kawum Kadak Dora Mulle (කැවුම් කදක් දොර මුල්ලේ)
ගායනය : නීලා වික්‍රමසිංහ සමග දිලිනි හපුතන්ත්‍රි
පද රචනය : ආනන්ද හේවාරංහිඳගේ
තනුව : අඥාතයි (නීලා වික්‍රමසිංහ මහත්මියගේ විය යුතුයි)


කැවුම් කදක් දොර මුල්ලේ
කොකිස් කදක් අර මුල්ලේ
කෙහෙල් කැනක් උඩ එල්ලේ
ඇයි අම්මේ ඒ

නැවුම් කළෙන් දිය නාවන
අළුත් ඇදුම් තෑගි ලැබෙන
මලක් වගේ දූ සරසන
නැකත ඇව්ල්ලා

මං තනියම කාමරේක සෙල්ලං බෑ පෙර වාගේ
යහළු ළමයි කල්ලි ගැහෙන සද්දෙ ඇහෙනවා
යන්න හිතයි අම්මේ මට පාළු හිතෙනවා

පුංචි කමට නුඹ හිතුවට
පුංචි නොවෙයි දැන් දූ මට
ඉස්සර වගෙ කට්ටි පැනලි දැන් නම් හොද නෑ
හිතන්න දැන් පුංචි බබෙක් නොවේය කියලා

කැවුම් කදක් දොර මුල්ලේ
කොකිස් කදක් අර මුල්ලේ
කෙහෙල් කැනක් උඩ එල්ලේ
ඇයි අම්මේ ඒ
ඇස්වහ නෑ මයෙ දෝනිට 
සිරියාවයි දූ හරියට
හැම දෙවියෝ මගෙ දෝනිගෙ පිහිටට එනවා
බුදු සරණින් හැම උවදුරු නැතිවී යනවා

හිතට බරයි ඔය කතාව 
පුංචිනෙ මං අම්මෙ තාම
හැමදාමත් බොඩි දෝනී කියා අහන්න
මං ආසයි පොඩි ළමයෙක් වෙලාම ඉන්න
කැවුම් කදක් දොර මුල්ලේ
කොකිස් කදක් අර මුල්ලේ
කෙහෙල් කැනක් උඩ එල්ලේ
ඇයි අම්මේ ඒ

නැවුම් කළෙන් දිය නාවන
අළුත් ඇදුම් තෑගි ලැබෙන
මලක් වගේ දූ සරසන
නැකත ඇව්ල්ලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kawum Kadak Dora Mulle Song Lyrics - කැවුම් කදක් දොර මුල්ලේ ගීතයේ පද පෙළ Kawum Kadak Dora Mulle Song Lyrics - කැවුම් කදක් දොර මුල්ලේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 20, 2022 Rating: 5

0 comments:

Post a Comment