ජලේබි හදමු (Jalebi Hadamu)

ජලේබි හදමු (Jalebi Hadamu) - Your Choice Way

ඉංදියන් ස්වීට්ස් වලට කැමති ඔයාලා වෙනුවෙන් ඔන්න මං අද රසම රස ඉංදියානු රස කැවිල්ලක් අරන් ආවා. ජලේබි, එකක රස බැලුවොත් ආයෙත් කන්න ආස හිතෙන තරම් රසයි, ඔයාලත් ඉතිං හදලම රස බලනකෝ 😍

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🔸 පාන් පිටි කෝප්ප 1 ක්
  • 🔸 මුදවපු කිරි මේස හැඳි  5 ක්
  • 🔸 බේකින් පවුඩර් තේ හැඳි  1 ක්
  • 🔸 අවශ්‍ය පමණ වතුර
  • 🔸 බැදීමට තෙල්

සීනි සිරප් එක සඳහා
  • 🔸 සීනි කෝප්ප 2 ක්
  • 🔸 වතුර කෝප්ප 1 1/2 ක්
  • 🔸 දෙහි යුශ තේ හැඳි 1 ක්
  • 🔸 කලරින් ස්වල්පයක්
  • 🔸 තලාගත් කරඳමුංගු කරල් 2 ක් පමණ

✅ සාදා ගන්නා ආකාරය :

  1. 🔥 භාජනයක් ගෙන පාන්පිටි සහ බේකින් පවුඩර් ටික දම හොඳින් මිශ්‍ර කරන්න.
  2. 🔥 දැන් එයට මුදවපු කිරි එකතු කර විස්ක් එකකින් හොඳින් කලවම් කර ගන්න.
  3. 🔥 එයට වතුර ටික ටික එකතු කරමින් තරමක් ඝනැති මිශ්‍රණයක් සකස් කර ගන්න .ගොඩාක් දියාරු කර ගන්න එපා.ගොඩාක් ඝන කර ගන්නත් එපා පයිප් කරන්න පුළුවන් විදියේ මිශ්‍රණයක් වෙන්න ඕනෙ.
  4. 🔥 ඊලඟට අපි සීනි සිරප් එක හදා ගන්න ඕන.
  5. 🔥 භාජනයක් ලිප තබා සීනි සහ වතුර එකතු කර වරින් වර හැඳි ගාමින් උණු කරන්න.
  6. 🔥 තලාගත් කරඳමුංගු ටිකත් එකතු කරන්න.
  7. 🔥 සීනි ඉටි පදමට එනතුරු උණු කල යුතුයි. පදම බලා ගන්න ඔයාලට පුලුවන් උනුකල සීනි ටිකක් ඇඟිලි දෙකට  ගෙන ඇදෙනවද කියලා බලන්න . සීනි ඉටි වගේ ඇදෙනවා නම් පදම හරි.
  8. 🔥 එවිට දෙහි යුශ සහ කලරින් එකතු කර හොඳින් මිශ්‍ර කර ලිපෙන් ඉවතට ගන්න.
  9. 🔥 දැන් තියෙන්නේ ජලේබි ටික බැද ගන්න . ඒකට අපි සාදාගත් ජලේබි මිශ්‍රණය පයිපින් බෑග් එකකට හෝ සෝස් බෝතලයකට වත් කර ගන්න ඕන.
  10. 🔥 පැතලි පෑන් එකක ජලේබි බැද ගන්න එක වඩාත් පහසුයි. පෑන් එකක් ලිප තබා තෙල් දමා රත් කර ගන්න.
  11. 🔥 දැන් රත්වූ තෙලට පයිපින් බෑග් එකෙන් හෝ සෝස් බෝතලයට පුරවා ගත් මිශ්‍රණයෙන් වලලු ආකාරයට රවුමට ජලේබි වත් කර ගන්න.
  12. 🔥 රන්වන් පැහැ වනතුරු දෙපැත්ත දමා බැද ගන්න.
  13. 🔥 බැදගත් ජලේබි තෙල් බේරා සීනි සිරප් එකට දමන්න.( රස්නය තිබියදිම දමන්න.)
  14. 🔥 විනාඩි දෙක තුනකින් ජලේබි එකට හොඳින් පැණි උරාගෙන තියෙනවා ඔයාලට පෙනේවි, එවිට පැණි එකෙන් ඉවතට ගෙන වෙනත් භාජනයකට දමන්න.
  15. 🔥 මේ ආකාරයට ජලේබි ටික ඔක්කොම බැද ගෙන සීනි සිරප් වල දවටා ගන්න.

❤️ ඔන්න එහෙනම් ඔයාලත් හදලා රස කියනකෝ 😍 
සැකසුම: © නදීෂා ගමගේ..

හෙළයේ රස මිහිර
ජලේබි හදමු (Jalebi Hadamu) - Your Choice Way
අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ජලේබි හදමු (Jalebi Hadamu) ජලේබි හදමු (Jalebi Hadamu) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 26, 2022 Rating: 5

0 comments:

Post a Comment