Hasarallak Nuhuru Muwata Song Lyrics - හසරැල්ලක් නුහුරු මුවට ගීතයේ පද පෙළ

Hasarallak Nuhuru Muwata Song Lyrics - හසරැල්ලක් නුහුරු මුවට ගීතයේ පද පෙළ
Song Title : Hasarallak Nuhuru Muwata (හසරැල්ලක් නුහුරු මුවට)
ගායනය : ප්‍රදීපා ධර්මදාස
පද රචනය :  : වසන්ත කුමාර කොබවක
තනුව හා සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ


හසරැල්ලක් නුහුරු මුවට
සැනසිල්ලක් නොමැති සිතට
පවණැල්ලක්වත් හමන්න
ජීවිතයේ මද්දහනට //

දැනුමට ලද නෙක සහතික
ඉකිලන කල ගෙයි මුල්ලක
උස් අසුනට යන මාවත අපට නොවේ ඇරුණේ
ගොමරිටි යට යන වතුරෙනි ලොව පැන් සනහන්නේ

හසරැල්ලක් නුහුරු මුවට
සැනසිල්ලක් නොමැති සිතට
පවණැල්ලක්වත් හමන්න
ජීවිතයේ මද්දහනට

මවුපිය විවරණ ලබමින
උන් සුවපත් කරණ සිහින
පොල් අතු පියසින් ගලනා පිණි වැස්සෙන් මැකුණේ
මේ හැටි දඩුවම් ලබනට කළ වරදක් නොදැනේ

හසරැල්ලක් නුහුරු මුවට
සැනසිල්ලක් නොමැති සිතට
පවණැල්ලක්වත් හමන්න
ජීවිතයේ මද්දහනට //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hasarallak Nuhuru Muwata Song Lyrics - හසරැල්ලක් නුහුරු මුවට ගීතයේ පද පෙළ Hasarallak Nuhuru Muwata Song Lyrics - හසරැල්ලක් නුහුරු මුවට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 26, 2022 Rating: 5

0 comments:

Post a Comment