fm චැනල් එකකින් සල්ලී බෙදන ආච්චිගේ අවතාරය

fm චැනල් එකකින් සල්ලී බෙදන ආච්චිගේ අවතාරය - Your Choice Way

මේ කතාවේ නම ගම සදහන් නොකරන්නේ අදටත් මෙතනින් ගොඩක් අය රෑට යන එන නිසා...කඩවතට ආසන්න ගමක ලංකාවේ ප්‍රසිද්ද ගායකුගේ ගේ ඉදිරිපිට වංගුවක් සහිත පාරක් තියනවා...එතන පරන කුකුල් ෆාම් එකක් තියනව...ඒ පාර දවල්ට ආවත් හරි අමුතු පාලූ පාරක්... අපේ ගමේ අයියා කෙනෙක් රෑ වැඩ ඉවර

වෙලා..රෑ 2විතර ඔතනින් එනකොට ෆොන් එකේ ටෝච් එකේ එලියට පේනවලූ රුපියල් 1000ක් වැටිලා තියනවා...තව ඉස්සරහට යනකොට 1000, 500, කොල ගොඩක් තියනවලූ.... කලබලෙන් සල්ලි ශට් එකේම ඔතාගන ගෙවල් ලගට ආවලු ඇවිත් බලනකොට අහුලන් තියෙන්නේ ඔක්කම ගල් කැට....එවලේම සිහි නැතිවෙලා...සිහි ආපු වෙලේ ඉදලා ආච්චි කෙනෙක්...පේනවලූ.... හොදටම උන හැදිලා... පස්සේ දෙහි කපලා...අනම් මනම් කරලා ගොඩ දාලා...

ඊට පස්සෙත් ගාමන්ට් ස්ටාෆ් සර්විස් එකක ඩ්‍ර්වර් කෙනෙක් එතනින් රෑ එනකොට වාහනේ ලයිට් එලියට ඒ වගේම සල්ලි පෙනිලා...ඒත් එක්කම ආච්චි කෙකෙන් පෙනිලා මෑනුත් හොදටම බය වෙලා...

ඊට පස්සෙත් ගොඩක් අය සල්ලි අහුලලා පස්සේ ඒත් එක්කම ආච්චිව දැකලා බය වෙලා තිබුනා.... සමහරක් අයට ආච්චී පුතේ කියලා කතා කරාලූ.... මම හිතලම ඔතනින් ගියත් කවදාවත් මුකුත්ම දැක්කේ නෑ...

නමුත් ඔය අතරේ මගේ යාලුවෙක් රට ඉදලා ආවා රාගම යාලුවෙක්....හවස 5.45විතර මාව බලන්න අපේ ගෙදර ආවා... ඊට පස්සේ සතියකට විතර පස්සේ මම එ යාලූවගේ ගෙදර පාටියක් දාලා ගෙදර යන්න යනකොට යාලුවා මගෙන් අහුවා දැන් කොහෙන්ද ගෙදර යන්නේ කියලා මම කියුවා වෙන කොහෙන්ද ආපු පාරේමයි කියලා... යාලුවා ආ හරි හරි කිඋවා.... මට සැක නිසා එහෙම ඇහුව හේතුව මම අහලා අහලා බල කරපු නිසාම මට විස්තරේ කිඋවා...

එදා උ මාව බලන් එන දවසේ ආචිචී කෙනෙක් බයික් එකට අත දාලා මම කියුව තැනදි.... උ නැවැතුවාම කිඋවලු... මට හොදටම අමාරුයි පුතේ වාහනයක් ගේන්න කියලා මූ වාහනයක් කොහෙන්ද කියලා ඉස්සරහා බලලා ආයිත් ආච්චී දිහා බලනකොට ආචිචී නෑලූ... මූ හොදටම බය වෙලා... මට කියලා නෑත්තේ ඔය පාරෙන් මම යන එන නිසා.... එදා මම බලකර නිසා කියුවේ....අහලා තිබුන පරන කතා අමතක කරන්න පුලුවන් ඒත් රට එදලා ආව අපේ පැත්ත දන්නැති කෙනෙකුත් අහලා තිබුන කතාවක්ම කියනකොට... එදා රෑ වෙන පාරකින් ගෙදර ගියේ ආයිත් ඔය පාරෙන් යන් නෑ කියලා හිතුවත්.... ඉට පස්සෙත් යන්න උනා....හැබැයි මූසල පාලූකම මිසක් වෙන දෙයක් මම දැක්කේ නෑ...

අපේ පැත්තේ අයනම් විහිලුවට කියන්නේ අච්චී fm චැනල් එකකින්ලූ සල්ලී බෙදන්නේ ඒකලූ...මම නම් දකින්නේ ආච්චී සල්ලී නැතිව,සැලකීමක් නැතිව අසනීපෙන් මියගිය කෙනෙක්...ලොකු ගෙවල් තිබුනට ඔතන ඔවායී මනුස්සකම පොඩීනේ...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
fm චැනල් එකකින් සල්ලී බෙදන ආච්චිගේ අවතාරය fm චැනල් එකකින් සල්ලී බෙදන ආච්චිගේ අවතාරය Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 17, 2022 Rating: 5

0 comments:

Post a Comment