Diyata Basa Song Lyrics - දියට බැස ගීතයේ පද පෙළ

Diyata Basa Song Lyrics - දියට බැස ගීතයේ පද පෙළ
Song Title : Diyata Basa (දියට බැස)
ගායනය : සේනානායක වේරලියද්ද
පද : අමිල දිල්හාන්
තනුව : නිවුමාන් හෙන්රි


දියට බැස සඳ කැබලි එක් කොට
තනමි ඔබේ රුව මං
සීතලේ සඳ කැබලි සොයනෙමි
තාම දිය මත මං //

නිසල දිය මත
පාවෙවී ඔබ
සසල කරවයි මගේ මන දොළ
දියට බැස සඳ ගණිමි දෝතට මං
අනේ සඳ බොඳවී නොයන්
සීතලයි බොඳවී නොයන්

දියට බැස සඳ කැබලි එක් කොට
තනමි ඔබේ රුව මං
සීතලේ සඳ කැබලි සොයනෙමි
තාම දිය මත මං

නුඹට නොදැණුනි
මගේ තනිකම
කෝ කෙහෙද නුඹ බිදුනු පුර සඳ
සඳ දියෙහි බැස උණුසුමක් සෙව් මං
අනේ සඳ බොඳවී ගිහින්
සොළොස් සඳ කොහෙදෝ ගිහිං

දියට බැස සඳ කැබලි එක් කොට
තනමි ඔබේ රුව මං
සීතලේ සඳ කැබලි සොයනෙමි
තාම දිය මත මං //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment