පහසුවෙන් හදා ගන්න පුළුවන් රසවත් කේක් වට්ටෝරුවක් මං අද ඔයාලට අරන් ආවා. වෙනස්ම රසයක් ,ඔයාලා ගොඩක් ආස වෙයි කියලා හිතෙනවා 😍
✅ අවශ්‍ය ද්‍රව්‍ය :
- 🥥 කැරමල් එක සඳහා සීනි කෝප්ප 1 ක්
- 🥥 වතුර කෝප්ප 1/2 ක්
- 🥥 ගාගත් පොල් කෝප්ප 1 ක්
✅ සාදා ගන්නා ආකාරය :
- භාජනයක් ගෙන එයට සීනි ටික දමා රත් කරන්න .සීනි දියවී රන්වන් පැහැයට හැරුණු පසු එයට වතුර කෝප්ප භාගය එකතු කර හොඳින් උණුකර ගන්න.
- දැන් කේක් තැටියට මේ කැරමල් දමා වටේට හොඳින් තවරා ගන්න.
- මෙය මදක් නිවුණු පසු ඒමත ගාගත් පොල් අතුරා ගන්න.
✅ අවශ්‍ය ද්‍රව්‍ය :
- 🥥 බිත්තර 3 ක්
- 🥥 සීනි කෝප්ප 1 1/2 ක්
- 🥥 ලුණු පිංචක්
- 🥥 වැනිලා තේ හැඳි 1 ක්
- 🥥 එලවලු තෙල් / කැනෝලා ඔයිල් කෝප්ප 1/2 ක්( මං පාවිච්චි කලේ කැනෝලා ඔයිල්)
✅ සාදා ගන්නා ආකාරය :
- භාජනයක් ගෙන මෙම ද්‍රව්‍ය සියල්ල එයට දමා හොඳින් බීට් කර ගන්න.
✅ අවශ්‍ය ද්‍රව්‍ය :
- 🥥 පාන් පිටි කෝප්ප 1 1/2 ක්
- 🥥 බේකින් පවුඩර් මේස හැඳි 1 ක්
- 🥥 පොල්කිරි කෝප්ප 1/2 ක්
✅ සාදා ගන්නා ආකාරය :
- දැන් මේ ද්‍රව්‍ය ඉහත මිශ්‍රණයට දමා හොඳින් මිශ්‍ර කර ගන්න.
- මෙම මිශ්‍රණය කැරමල් සහ පොල් අතුරා සකසා ගත් තැටියට දමන්න.
- 180 °C උශ්ණත්වයෙන් විනාඩි 10 ක් රත්කර ගත් අවන් එකක විනාඩි 30 ක් පමණ බේක් කර ගන්න. ඉරටුවක් හෝ ටූත්පික් එකක් ආධාරයෙන් බේක් වෙලාද කියලා බලන්න .මදි වගේ නම් උෂ්ණත්වය 150 °C ට වගේ අඩුකර තව විනාඩි 5,10 ක් පමණ බේක් කර ගන්න.
ඔන්න එහෙනම් ඔයාලත් හදලා රස කියන්නකෝ 😍
හෙළයේ රස මිහිර
අපගේ page එකටත් like කරන්න
0 comments:
Post a Comment