බතල දලු ඩෙවල් හදමු (Bathala Dalu Dewal Hadamu)

බතල දලු ඩෙවල් හදමු (Bathala Dalu Dewal Hadamu) - Your Choice Way

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🌳 බතල කරටි ටිකක් (දළු, කොල සමග නොමේරු කොටස්)
  • 🌳 බී ළූනු ගෙඩියක්
  • 🌳 සුදුළූනු බික් 3,4 ක්
  • 🌳 තක්කාලි ගෙඩියක්
  • 🌳 අමු මිරිස් කරල් 2 ,3 ක්
  • 🌳 කෑලි මිරිස් තේ හැඳි  2 ක්
  • 🌳 ගම්මිරිස් කුඩු තේ හැඳි 1/4 ක්
  • 🌳 කහ කුඩු ස්වල්පයක්
  • 🌳 සීනි තේ හැඳි 1/2 ක්
  • 🌳 විනාකිරි මේස හැඳි 1 ක්
  • 🌳 අවශ්‍ය පමණ ලුනු
  • 🌳 තෙල් ස්වල්පයක්

✅ සාදා ගන්නා ආකාරය :

  1. 💥 බතල කොල සහ නටු අවශ්‍ය ප්‍රමාණයට කඩා ලුනු වතුරේ විනාඩි 2,3 ක් තබා සෝදා ගන්න.
  2. 💥 සුදුළූනු, බීළූනු, අමු මිරිස් ,තක්කාලි අවශ්‍ය ප්‍රමාණයට කපා ගන්න.
  3. 💥 භාජනයක් ලිප තබා තෙල් ටිකක් දමා රත්වන විට සුදුළූනු දමා ටිකක් බැද ගන්න.
  4. 💥 පසුව එයට කපාගත් බී ලූනු, අමු මිරිස් සහ තක්කාලි එකතු කරන්න.
  5. 💥 ටිකක් බැදෙන විට කෑලි මිරිස් , ගම්මිරිස් කුඩු ,කහ කුඩු එකතු කර බැද ගන්න.
  6. 💥 දැන් එයට සීනි, ලුනු කුඩු සහ විනාකිරි එකතු කරන්න.
  7. 💥 පසුව සෝදා ගත් බතල දලු එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.
  8. 💥 පැහැය වෙනස් වීමට පෙර ලිපෙන් ඉවතට ගන්න.

💞 ඉතාමත් රසවත් මෙන්ම ගුණවත් ආහාරයක් , ඔයාලත් හදලා බලන්නකෝ 😍

හෙළයේ රස මිහිර
බතල දලු ඩෙවල් හදමු (Bathala Dalu Dewal Hadamu) - Your Choice Way
අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
බතල දලු ඩෙවල් හදමු (Bathala Dalu Dewal Hadamu) බතල දලු ඩෙවල් හදමු (Bathala Dalu Dewal Hadamu) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 17, 2022 Rating: 5

0 comments:

Post a Comment