බතල කුකීස් හදමු (Bathala Cookies Hadamu)

බතල කුකීස් හදමු (Bathala Cookies Hadamu) - Your Choice Way

ඔන්න අද මං ඔයාලට වෙනස්ම ආහාර වට්ටෝරුවක් අරන් ආවා. #බතල_කුකීස්. බතල කියන්නේ පෝෂණ ගුණයෙන් ඉතාමත් ඉහළ ආහාරයක්. ඉතිං දරුවන් ට විතරක් නෙමෙයි වැඩිහිටි අයටත් රස විඳින්න පුළුවන් පෝෂණීය  කුකී එකක්.ඔයාලත් හදලා රස බලන්නකෝ 😍

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🔸 තම්බා පොඩිකර ගත් බතල කෝප්ප 1 1/2ක්
  • 🔸 තිරිඟු පිටි කෝප්ප 1 1/2 ක්
  • 🔸 බටර් කෝප්ප 1/2 ක්
  • 🔸 සීනි කෝප්ප 1/2 ක් (වැඩි පැණි රසට අකමැති අයට සීනි නැතුව උනත් හදන්න පුළුවන් . මම හැදුවේ කහ බතල වලින් ,ඒවගෙ පැණි රස ගොඩාක් අඩුයි ඒනිසා මං සීනි එකතු කලා. ඔයාලගෙ රස අනුව සීනි අඩු වැඩි කර ගන්න.)
  • 🔸 කිරිපිටි මේස හැඳි 2 ක්
  • 🔸 ලුනු කුඩු තේ හැඳි 1/2 ක්
  • 🔸 බේකින් පවුඩර් තේ හැඳි 2 ක්
  • 🔸 වැනිලා තේ හැඳි 1 ක් පමණ 

✅ සාදා ගන්නා ආකාරය :

  1. 🔥 බතල තම්බා පොඩිකර ගන්න.
  2. 🔥 පිටි සහ බේකින් පවුඩර් හලා ගන්න.
  3. 🔥 හලාගත් පිටි වලට, කිරිපිටි , සීනි සහ ලුනු එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.
  4. 🔥 එයට බටර් සහ වැනිලා එකතු කර විස්ක් එකකින් හොඳින් මිශ්‍ර කරන්න.
  5. 🔥 බටර් සමග පිටි හොඳින් මිශ්‍ර වූ පසු පොඩි කරගත් බතල වලට මේ පිටි මිශ්‍රණය එකතු කර අනාගන්න.
  6. 🔥 පසුව පිටි ඉසගත් මතු පිටක මෙම මිශ්‍රණය දමා අඟල් 1/4 ක් පමණ ඝනකම සිටින සේ තුනී කරන්න . රෝලින් පින් එකක් පාවිච්චි කරන්න පුළුවන්.
  7. 🔥 දැන් කැමති හැඩ වලට කපා ගන්න.
  8. 🔥 තෙල් තවරා ගත් තැටියක කපාගත් කුකීස් අතුරා 180 °C න් රත් කර ගත් අවන් එකක විනාඩි 15, 20 ක් පමණ බේක් කර ගන්න.
🟠 අවන් වල උෂ්ණත්වය සහ කපාගත් කුකීවල ඝනකම අනුව බේක් වන වෙලාව වෙනස් වෙන්න පුළුවන් ,ඒනිසා රන්වන් පැහැ වනතුරු බේක් කර ගන්න .බේක් වනවිට සුවඳ දැනෙනවා ඒගැන සැලකිලිමත් වෙන්න.😍 ඔන්න එහෙනම් ඔයාලත් හදලා රස කියන්නකෝ 😍 

හෙළයේ රස මිහිර
බතල කුකීස් හදමු (Bathala Cookies Hadamu) - Your Choice Way
අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
බතල කුකීස් හදමු (Bathala Cookies Hadamu) බතල කුකීස් හදමු (Bathala Cookies Hadamu) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 19, 2022 Rating: 5

0 comments:

Post a Comment