Song Title : Amme Nube As (අම්මේ නුඹෙ ඇස්)
ගායනය : විශාරද ගුණදාස කපුගේ
අම්මේ නුඹෙ ඇස් පියවුනුදාකට
කවුරුද මට පැන් උගුරක් දෙන්නේ
අම්මේ නුඹ ලොව නැති වුනු කාලෙක
කවුරුද මගෙ දුක සැප විමසන්නේ
තනි යහනේ මා නිදා සිටින විට
මගේ හිතේ ඇති පාළුව නුඹ දුටුවා
තව කල් දිවිමග තනිව නොයන ලෙස
කියමින් රහසින් ඔබ ඉකිබිඳ හැඩුවා
අම්මේ නුඹෙ ඇස් පියවුනුදාකට
කවුරුද මට පැන් උගුරක් දෙන්නේ
අම්මේ නුඹ ලොව නැති වුනු කාලෙක
කවුරුද මගෙ දුක සැප විමසන්නේ
මලේ විසල් ගෙයි මගේ බිරිඳ හිඳ
මා සැනසීමයි නුඹ ලබනා සහනේ
මුණබුරු මිණිපිරියන් වට කරගෙන
ගී මිමිණීමයි නුඹේ ලොකුම සිහිනේ
අම්මේ නුඹෙ ඇස් පියවුනුදාකට
කවුරුද මට පැන් උගුරක් දෙන්නේ
අම්මේ නුඹ ලොව නැති වුනු කාලෙක
කවුරුද මගෙ දුක සැප විමසන්නේ
0 comments:
Post a Comment