Song Title : Sunila Wala (සුනිල වලා)
ගායනය : එච්.ආර්. ජෝතිපාල
පද : ධර්මසිරි ගමගේ ගේ හෝ කරුණාරත්න අබේසේකරගේ ය.
තනුව : සරත් දසනායක
"හිත මිතුරා" චිත්‍රපටියේ ගීයකි.
සුනිල වලා සළු පිළි පටලා //
ගුවන් කුමාරිය
සිරින් උදාරිය
නංවයි මුකුළු සිනා //
සුනිල වලා සළු පිළි පටලා
රැල් රැල් නැග සාගරේ ගයා වයයි ගීතේ
සෙල්ලම් සිත පා කෙරේ වැදී සුළං සීතේ //
සුනිල වලා සළු පිළි පටලා //
ගුවන් කුමාරිය
සිරින් උදාරිය
නංවයි මුකුළු සිනා //
සුනිල වලා සළු පිළි පටලා
මල් මල් ලලනාවියෝ
නුරා රැඟුම් පාලා
මන්මත් කරලා ගියෝ
නෙතේ අඳුන් ගාලා //
සුනිල වලා සළු පිළි පටලා //
ගුවන් කුමාරිය
සිරින් උදාරිය
නංවයි මුකුළු සිනා ////
0 comments:
Post a Comment