Song Title : Sagare Se Oba Adare (සාගරේ සේ ඔබේ ආදරේ)
ගායනය : චන්ද්‍රලේඛා පෙරේරා
පද රචනය : හේමසිරි හල්පිට
තනුව හා සංගීතය : සරත් ද අල්විස්
සාගරේ සේ ඔබේ ආදරේ
පිරී යාවි සිතේ නිම් නොවේ
සන්සිඳේ වේදනා සැමදා වාසනා
මේ නොවේදෝ සැබැ ආදරේ
සාගරේ සේ ඔබේ ආදරේ
සීත රෑකදී
ඔබ හා සමීපවී
මුමුණා සෙනේහේ කියා
ගයමී අමා ගීතිකා //
මාගේ සෙනේහේ
ආරාධනාවේ
ගීතේ ඔබේ ආදරේ
මේ නොවේදෝ සැබැ ආදරේ
මා ඔබේ ලොවේ
හිඳිමී සදා රැඳී
වෙන්වී මිදිලා නොයා
සෙනෙහේ උදානේ කියා //
දෑසේ ලියු ඒ ආරාධනාවේ
ගීතේ ඔබේ ආදරේ
මේ නොවේදෝ සැබැ ආදරේ
පිරී යාවි සිතේ නිම් නොවේ
සන්සිදේ වේදනා සැමදා වාසනා
මේ නොවේදෝ සැබැ ආදරේ
සාගරේ සේ ඔබේ ආදරේ
0 comments:
Post a Comment