✅ අවශ්‍ය ද්‍රව්‍ය :
- 🌳 ළපටි පොලොස් ගෙඩියක්
- 🌳 සුදුළූනු බික් 6 ක් පමණ
- 🌳 අමු ඉඟුරු කැබැල්ලක්
- 🌳 මිරිස් කුඩු මේස හැඳි 1 1/2 ක්
- 🌳 ගම්මිරිස් කුඩු තේ හැඳි 1 ක් පමණ
- 🌳 අබ මේස හැඳි 1 ක්
- 🌳 සීනි මේස හැඳි 1 ක්
- 🌳 රස අනුව ලුනු
- 🌳 කහකුඩු ස්වල්පයක්
🌷පොලොස් ගෙඩියේ ප්‍රමාණය අනුව ඉහත ද්‍රව්‍ය වෙනස් කර ගන්න.
✅ සාදා ගන්නා ආකාරය :
- 🌼 පොලොස් ගෙඩියේ පොතු ඉවත් කර කුඩා කැබලි වලට කපා ගන්න.
- 🌼 එයට කහ ලුනු ස්වල්පයක් අතගා වතුර යොදා තම්බා ගන්න.
- 🌼 අබ ටික විනාකිරෙන් අඹරා ගන්න.
- 🌼 ඉඟුරු ,සුදුළූනු සිහින්ව තලා ගන්න.
- 🌼 භාජනයක් ලිප තබා විනාකිරි , අඹරාගත් අබ, මිරිස් කුඩු ,ගම්මිරිස් කුඩු , තලාගත් ඉඟුරු ,සුදුළූනු සහ සීනි එකතු කර රත් කරන්න.
- 🌼 අවශ්‍ය පමණ ලුනු ද එකතු කරන්න.
- 🌼 රත් වූ පසු පොලොස් දමා මිශ්‍ර කර ගන්න.
හරිම ලේසියි නේද 😍 ඔන්න එහෙනම් ඔයාලත් හදලා රස කියන්නකෝ 😋
හෙළයේ රස මිහිර
අපගේ page එකටත් like කරන්න
0 comments:
Post a Comment