Muhuda Handana Velawe Song Lyrics - මුහුද හඬන වෙලාවේ ගීතයේ පද පෙළ

Muhuda Handana Velawe Song Lyrics - මුහුද හඬන වෙලාවේ ගීතයේ පද පෙළ
Song Title : Muhuda Handana Welawe (මුහුද හඬන වෙලාවේ)
ගායනය : මධුමාධව අරවින්ද
සංගිතය : රෑකාන්ත ගුණතිලක


මුහුද හඬන වෙලාවේ
වෙරළේ තනියේ මේ යාමයේ
මම නාඳුනන ඈ කාගෙදෝ
තනිව හඬන ඈ කවුරුදෝ //

මෙලෙස තනි වෙලා
ඔබ කවුරුදැයි කියා
පවසන්න පැකිලෙන්නෙපා
කඳුළු පිස දමා
ඔය මුහුණ පෙන්නලා
හිනැහෙන්න හසරැල් මවා

මුහුද හඬන වෙලාවේ
වෙරළේ තනියේ මේ යාමයේ
මම නාඳුනන ඈ කාගෙදෝ
තනිව හඬන ඈ කවුරුදෝ

සිතිජ ඉමව්වේ
දුර ඈත දනව්වේ
මුසුවේවි සංකා ඇගේ
ඈ හෙලන කඳුළැලි
මුහුදටම යා වෙවී
මුහුද හඬයි ඈ හා බැඳී

මුහුද හඬන වෙලාවේ
වෙරළේ තනියේ මේ යාමයේ
මම නාඳුනන ඈ කාගෙදෝ
තනිව හඬන ඈ කවුරුදෝ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment