Meth Mal Pibidewa Song Lyrics - මෙත් මල් පිබිදේවා ගීතයේ පද පෙළ

Meth Mal Pibidewa Song Lyrics - මෙත් මල් පිබිදේවා ගීතයේ පද පෙළ
Song Title : Meth Mal Pibidewa (මෙත් මල් පිබිදේවා)
ගායනය : මොරිස් දහනායක
සංගීතය : සරත් දසනායක
ගී පද : සිරිල් ඒ. සීලවිමල


මෙත් මල් පිබිදේවා
සිත් තුල මෙත් මල් පිබිදේවා
කරුණා ගුණ දේවා
සිත් තුල කරුණා ඉතිරේවා //

තණ්හා අශා වෛරේ ක්‍රෝධේ
සංකා නැති වේවා //
පාපේ ද්වේශේ මෝහේ මානේ
මෙලොවින් දුරු වේවා

මෙත් මල් පිබිදේවා
සිත් තුල මෙත් මල් පිබිදේවා
කරුණා ගුණ දේවා
සිත් තුල කරුණා ඉතිරේවා

සමගිය සාමේ දෑ අනුරාගේ
යුතුකම් රජවේවා //
හොර බොරු වංචා බිය සැක දුරු වී
සැමටම සෙත් වේවා

මෙත් මල් පිබිදේවා
සිත් තුල මෙත් මල් පිබිදේවා
කරුණා ගුණ දේවා
සිත් තුල කරුණා ඉතිරේවා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment