Song Title : Mahada Pem Wile (මහද පෙම් විලේ)
ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය : බණ්ඩාර කේ. විජේතුංග
තනුව : මහාචාර්ය සනත් නන්දසිරි
මහද පෙම් විලේ
නිබඳ නුරා රැඟුම් රඟා
සුසුම් රැළි නගාලා
පොපියන පියුමි ප්රිය ළඳේ
මහද පෙම් විලේ
නයන යුග ඔබේ
දිළෙන මැණික් විලස දිසේ ...//
නළල් සඳ නවාලා
දෙව්දුනු දෙබැම ඔප නැගේ //
මහද පෙම් විලේ
නිබඳ නුරා රැඟුම් රඟා
සුසුම් රැළි නගාලා
පොපියන පියුමි ප්රිය ළඳේ
මහද පෙම් විලේ
සසර සැරිසරා
යුගෙන් යුගේ උපත් ලබා //
නිතොර ඔබ පතාලා
එන්නෙමි සිහින ගඟ වගේ //
මහද පෙම් විලේ
නිබඳ නුරා රැඟුම් රඟා
සුසුම් රැළි නගාලා
පොපියන පියුමි ප්රිය ළඳේ
මහද පෙම් විලේ
0 comments:
Post a Comment