Song Title : Ma Dase Wedana (මා දෑසේ වේදනා)
ගායනය : ශිහාන් මිහිරංග
සංගීතය : තිලිණ රුහුණගේ
පද රචනය : නිහාල් ගම්හේවා
මා දෑසේ වේදනා ඔබ දෑසේ පෙම් සිනා
එනමුදු මගේ හඳේ නැත වෛර චේතනා //
පෙරදා ඔබෙන් මෙමා ලැබු නුහුරු කල්පනා
සාගරය සේ එදා ආදරය ගොනු කලා //
ඒ සිහින මව මවා මා දෑස තෙත් කලා
මා දෑසේ වේදනා ඔබ දෑසේ පෙම් සිනා
එනමුදු මගේ හඳේ නැත වෛර චේතනා
මා ගයන ගීතයේ රාවේ ගුවනින් ඇසේ
ඒ සො සුසුම් තුලින් ඔය දෑස තෙත් කලේ //
මේ ගීය ගැයුවේ මා ඔබ රිදවනු නොවේ
මා දෑසේ වේදනා ඔබ දෑසේ පෙම් සිනා
එනමුදු මගේ හඳේ නැත වෛර චේතනා
0 comments:
Post a Comment