Song Title : Kusumata Lanvi Ron Ganna (කුසුමට ළංවී රොන් ගන්නා)
ගායනය : චන්ද්‍රලේඛා පෙරේරා
පද රචනය : ෂර්ලි වෛජයන්ත
තනුව : ෂර්ලි වෛජයන්ත
කුසුමට ළංවී රොන් ගන්නා
බඹරුන් ඈතට ඉගිල ගියා
මද සුළඟේ ඔහෙ සැලෙනා
තනිවුණු කුසුමෙකි මා //
ඉගිලී යන්නට පියාපත්
නැත මා හට ඔබ මෙන් //
හෙට ආයෙත් දිනයක ඔබ ඒවී
මා රිදවා සතුටු නොවෙන්
කුසුමට ළංවී රොන් ගන්නා
බඹරුන් ඈතට ඉගිල ගියා
මද සුළඟේ ඔහෙ සැලෙනා
තනිවුණු කුසුමෙකි මා //
හෙට පායන හිරු කිරණින්
යළි මා විකසිත වේවී //
ඔබ ආයෙත් මා හමුවට ඒ නම්
යළි මා මුකුලිත වේවී
කුසුමට ළංවී රොන් ගන්නා
බඹරුන් ඈතට ඉගිල ගියා
මද සුළඟේ ඔහෙ සැලෙනා
තනිවුණු කුසුමෙකි මා ///
0 comments:
Post a Comment