✅ අවශ්‍ය ද්‍රව්‍ය :
- ● තෙත සහල් පිටි 500g ක් (හාල් 500g ක පිටි)
- ● පාන් පිටි 75g ක්
- ● සීනි 500g ක්
- ● බැද කුඩු කරගත් එනසාල් , මාදුරු ටිකක්
- ● ලුණු ස්වල්පයක්
✅ සාදා ගන්නා ආකාරය :
- ✴️ සහල් ටික පැය 6ක් පමණ පොඟවා කොටා, හලාගන්න.
- ✴️ පිටි ටික පාන් පිටි සමග නැවත වරක් හලා මිශ්‍ර කරගන්න.
- ✴️ බදුනක් ලිප තබා සීනි මේස හැඳි 3ක් සහ වතුර මේස හැන්දක් පමණ දමා සීනි කැරමල් කරන්න.
- ✴️ සීනි කැරමල් වූ පසු වතුර කෝප්ප 2ක් පමණ එකතු කරන්න.
- ✴️ ඉතිරි සීනි ටික එයට එකතු කරන්න.
- ✴️ ගින්දර අඩු කර සීනි ටික දිය කරගන්න. (මෙය ගොඩක් උකුවන තුරු උණු කරන්න එපා. සීනි දියවන තුරු රත් වුනාම ඇති.)
- ✴️ පැණි ටික මද රස්නය තිබියදී මිශ්‍ර කරගත් හාල්පිටි සහ පාන් පිටි එකතු කරගන්න.
- ✴️ අවශ්‍ය පමණ ලුනු , කුඩු කරගත් #එනසාල් සහ මාදුරු එක් කරන්න.
- ✴️ හොදින් අත් ගසා ගන්න. (අතින් මිශ්‍ර කරගන්න)
- ✴️ මෙම මිශ්‍රණය පැය 6ක් පමණ හොදින් වසා පිපෙන්න තබන්න.
- ✴️ මිශ්‍රණය ඝන වැඩි නම් නිවාගත් තේ කහට ටිකක් එකතු කර මිශ්‍ර කරගන්න.
- ✴️ දැන් කුඩා තාච්චියක් ලිප තබා තෙල් ටිකක් දමා රත් කරගන්න.
- ✴️ පිටි මිශ්‍රණයෙන් ටිකක් අඩු කෝප්පයකට හෝ හැන්දකට ගෙන රත් වූ තෙල් තාච්චියේ මැදට වත් කරන්න.
- ✴️ හැන්දෙන් තෙල් උඩට දමන්න.
- ✴️ ඉරටුවක් ගෙන කැවුමේ මැදට තබා සිදුරක් සාදමින් එහි ඇති පිටි මිශ්‍රණය එලියට එන ලෙස ඉරටුව කරකවමින් කැවුමේ කොණ්ඩය සකස් කරගන්න.
- ✴️ ඉරටුවෙන් කොණ්ඩය මුදුන් කරන අතරතුර හැන්දෙන් එයට තෙල් ඉසින්න.
- ✴️ කැවුම හොදින් බැදුනු පසු ඉවතට ගන්න.තෙල් බේරීමට පිරිසිදු කඩදාසියක් එලූ වට්ටියකට හෝ කිරි ගොටුවකට දමන්න.
හෙළයේ රස මිහිර
අපගේ page එකටත් like කරන්න
0 comments:
Post a Comment