Song Title : Kavurudo Ara Kavuluwen (කවුරුදෝ අර කවුළුවෙන්)
ගායනය : ශාන්ති ගීතදේව
පද රචනය : ඩෝල්ටන් අල්විස්
තනුව : ශාන්ති ගීතදේව
මේ ගීය මහාචාර්ය සනත් නන්දසිරි විසින් ද ගයා ඇත.
කවුරුදෝ අර කවුළුවෙන්
හිනාවී එබි කම් කළේ
ඒ හිනාවේ මා වෙළන්නද
මා වෙළාගෙන මට තලන්නද
ඈ හිනාවෙන්නේ //
ඉතිං මට බැහැ ඈත යන්නට
ඒ නුවන් රැහැනින් මිදීලා
කවුළුවේ දොර හඳෙන් ඇරගෙන
නෙත් ළඟින් ඉන්නම්
කවුරුදෝ අර කවුළුවෙන්
හිනාවී එබි කම් කළේ
ඒ හිනාවේ මා වෙළන්නද
මා වෙළාගෙන මට තලන්නද
ඈ හිනාවෙන්නේ
කතා නොකරන තාරකාවක්
පාර කීවත් මම නොයන්නම්
කවුළුවේ දොර හඳෙන් ඇරගෙන
නෙත් ළඟින් ඉන්නම්
කවුරුදෝ අර කවුළුවෙන්
හිනාවී එබි කම් කළේ
ඒ හිනාවේ මා වෙළන්නද
මා වෙළාගෙන මට තලන්නද
ඈ හිනාවෙන්නේ
ඉතිං මට බැහැ ඈත යන්නට
ඒ නුවන් රැහැනින් මිදීලා
කවුළුවේ දොර හදෙන් ඇරගෙන
නෙත් ළඟින් ඉන්නම්
කවුරුදෝ අර කවුළුවෙන්
හිනාවී එබි කම් කළේ
ඒ හිනාවේ මා වෙළන්නද
මා වෙළාගෙන මට තලන්නද
ඈ හිනාවෙන්නේ
0 comments:
Post a Comment