✅ අවශ්‍ය ද්‍රව්‍ය :
- නාරටි සහ ඇට ඉවත් කරගත් කාබරංකා 500g ක්
- විනාකිරි කෝප්ප 1/2 ක්
- සීනි 250g ක් (ඔයාලගෙ කාබරංකා ගොඩාක් ඇඹුල් නම් සීනි 300 ක් ගන්න)
- මිරිස් කුඩු මේස හැඳි 2 ක් පමණ
- තලාගත් ඉඟුරු මේස හැඳි 1 ක්
- තලාගත් සුදුළූනු මේස හැඳි 1 ක්
- ලුණු තේ හැඳි 1 ක් පමණ (රස අනුව යොදන්න)
✅ සාදා ගන්නා ආකාරය :
- 🎈 කාබරංකා සෝදා නාරටි සහ මැද කොටස් ඉවත් කර කුඩා කැබලි වලට කපා ගන්න.
- 🎈 දැන් භාජනයක් ගෙන ( මැටි බඳුනක් වඩාත් සුදුසුයි) එයට තලාගත් ඉඟුරු ,සුදුළූනු , මිරිස් කුඩු , ලුණු ,සීනි සහ විනාකිරි එකතු කර ලිප තබා සීනි දියවන තුරු හැඳි ගාමින් උතුරවා ගන්න.
- 🎈 දැන් එයට කාබරංකා කැබලි එකතු කර අවශ්‍ය පමණ ඉස්ම සිඳෙන තුරු මද ගින්නේ පිස ගන්න.
- 🎈 ඉස්ම සිඳුණු පසු ජීවානුහරණය කල බෝතල් වල අසුරා තබා ගන්න.
ඉතාමත් පහසුවෙන් හදා ගන්න පුළුවන් . බෝතල් කරලා තියා ගත්තම අවශ්‍ය වෙලාවකදි ආහාරය ට ගන්න විතරක් නෙමෙයි යාලුවෙක් ට නෑ කෙනෙක් ට තෑගි දෙන්න වුනත් කදිමයි 😍ඔන්න එහෙනම් ඔයාලත් හදලා රස බලන්නකෝ ..
හෙළයේ රස මිහිර
අපගේ page එකටත් like කරන්න
0 comments:
Post a Comment