✅ අවශ්‍ය ද්‍රව්‍ය :
- 🦐 මයිසූර් පරිප්පු කෝප්ප 1 1/2 ක්
- 🦐 මධ්‍යම ප්‍රමාණයේ ඉස්සන් අවශ්‍ය පමණ
- 🦐 සිහින්ව ලියාගත් රතු ලූනු ගෙඩි 7,8 ක්
- 🦐 ලියාගත් අමු මිරිස් කරල් 2 ක්
- 🦐 සිහින්ව ලියාගත් සුදුළූනු බික් 1ක්
- 🦐 කරපිංචා ටිකක්
- 🦐 පාන්පිටි මේස හැඳි 2 ක් පමණ
- 🦐 කෑලි මිරිස් තේ හැඳි 2 ක්
- 🦐 කහකුඩු ස්වල්පයක්
- 🦐 මිරිස් කුඩු ස්වල්පයක්
- 🦐 අවශ්‍ය පමණ ලුනු
- 🦐 දෙහි යුශ ටිකක්
- 🦐 බැදීමට තෙල්
✅ සාදා ගන්නා ආකාරය :
- ⭕ මුලින්ම පරිප්පු හොඳින් සෝදා පැයක් පමණ පොඟවා ගන්න.
- ⭕ ඉස්සන් හොඳින් පිරිසිදු කර ලුනු, මිරිස් කුඩු, කහ සහ දෙහි යුශ දමා අතගා තබන්න.
- ⭕ පොඟවා ගත් පරිප්පු දිය බේරා තරමක් කැබලි සිටින සේ අඹරා ගන්න . කැමති නම් එයට ඉස්සන් කිහිප දෙනෙක් එකතු කර අඹරා ගන්න එවිට වඩා රසවත්.
- ⭕ පසුව අඹරා ගත් පරිප්පු වලට ලියාගත් රතුලූනු, ලියාගත් සුදුළූනු , අමු මිරිස් ,කරපිංචා , කෑලි මිරිස් , අවශ්‍ය පමණ ලුනු සහ පාන්පිටි එකතු කර හොඳින් මිශ්‍ර කරමින් අනා ගන්න.
- ⭕ දැන් එම මිශ්‍රණයෙන් කුඩා බෝල සාදා අල්ල මත තබා ඒ මත සීසන් කරගත් ඉස්සෙක් හෝ කිහිපයක් තබා අනෙක් අල්ලෙන් තද කරමින් පැතලි කර හැඩය සකසා ගන්න. මෙසේ සකස් කල විට ඉස්සන් වඩේ එකට හොඳින් සවි වෙනවා.
- ⭕ මෙසේ සකසා ගත් වඩේ හොඳින් රත් වූ ගඹුරු තෙලේ රන්වන් පැහැ වනතුරු බැද ගන්න.
- ⭕ බැදගත් ඉස්සො වඩේ තෙල් ඉවත් වනතුරු පිරිසිදු කඩදාසියක් මතට දමන්න.
ඔන්න එහෙනම් ඔයාලත් හදලා රස කියන්නකෝ 😋
හෙළයේ රස මිහිර
අපගේ page එකටත් like කරන්න
0 comments:
Post a Comment