Song Title : Hiruda Muwawee (හිරුද මුවාවී)
ගායනය : ප්‍රියා සූරියසේන
පද : උපාලි ධනවලවිතාන
තනුව : ක්ලැරන්ස් විජේවර්ධන
හිරුද මුවාවී
ලැසි ගමන බලාවී //
කිංකිණි හඬ පරදන කැකිරි පැලෙන කොමල හිනා //
හිරුද මුවාවී
ලැසි ගමන බලාවී //
කට කැඩි කළය අරන් කුඹුකෙ ළිඳට දියට ඇදෙන් //
ඉරබට තරුව වගේ ගමට සිරිය සතුට ගෙනේ
හිරුද මුවාවී
ලැසි ගමන බලාවී //
කිංකිණි හඬ පරදන කැකිරි පැලෙන කොමල හිනා //
හිරුද මුවාවී
ලැසි ගමන බලාවී //
කළුවර වැටෙන වෙලේ නොයන් ගමන් නියර දිගේ //
බක් මහ නැකැත් බලා එළිය කරන් ගෙපැල මගේ
හිරුද මුවාවී
ලැසි ගමන බලාවී //
කිංකිණි හඬ පරදන කැකිරි පැලෙන කොමල හිනා //
හිරුද මුවාවී
ලැසි ගමන බලාවී ////
0 comments:
Post a Comment