Duwa Ma Wage Neda Song Lyrics - දුව මා වගේ නේද ගීතයේ පද පෙළ

Duwa Ma Wage Neda Song Lyrics - දුව මා වගේ නේද ගීතයේ පද පෙළ
Song Title : Duwa Ma Wage Neda (දුව මා වගේ නේද)
ගායනය : ක්ලැරන්ස් විජේවර්ධන
පද රචනය : ආචාර්ය අජන්තා රණසිංහ
තනුව හා සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන


දුව මා වගේ නේද නෑ අම්ම වාගේ
දඟ කාර දූ කාගෙ දෝ
දුව මාගෙ දෝ අම්ම ගේ දූ නොවේදෝ
කළු පාට දූ කාගෙ දෝ

පාසැල් නොයන්නේ
වස කම්මැලියිනේ
කළු පාට දූ කාගෙ දෝ

කළු නෑ සුදුයි නේ
හරී ලස්සනයි නේ
මගෙ පුංචි දෝනී මා වගේ

දුව මා වගේ නේද නෑ අම්ම වාගේ
දඟ කාර දූ කාගෙ දෝ
දුව මාගෙ දෝ අම්ම ගේ දූ නොවේදෝ
කළු පාට දූ කාගෙ දෝ

සෙල්ලම් කරන්නයි
තව සන්ඩු වෙන්නයි
පොඩි මල්ලියෙක්  ඕනලූ
දූ මා වගේලූ
මා දූ වගේලූ
දෙන්නාට දෙන්නා යාළුවෝ

දුව මා වගේ නේද නෑ අම්ම වාගේ
දඟ කාර දූ කාගෙ දෝ
දුව මාගෙ දෝ අම්ම ගේ දූ නොවේදෝ
කළු පාට දූ කාගෙ දෝ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment