Song Title : Atha Ran Wiman Thulin (ඈත රන් විමන් තුළින්)
ගායනය : ප්‍රියා සූරියසේන
පද : ෂෙල්ටන් වීරරත්න
තනුව : ක්ලැරන්ස් විජේවර්ධන
ඈත රන් විමන් තුළින්
පාට සේලයෙන් සැදී //
මුදු සීත හිම මුදුන් අතරින්
එබී බලනවා...
ආහ හා... ආහා හා... ආහා හා... ආහහා...
මේ ලොවින් එහා සිටන්
ඈත ලෝකයෙන් ඇවිත් //
මුදු නීල පීත ලෝහිත පැහැ
ඈත දිලෙනවා...
ආහ හා... ආහා හා... ආහා හා... ආහහා...
රෑට තරු දහස් ගණන්
ඈත සුරපුරෙන් වැටී //
අද රෑට අද රෑට අද රෑට දිලෙනවා
ආහ හා... ආහා හා... ආහා හා... ආහහා...
ගීත රාවයෙන් සැලී
දෑත ආදරෙන් වෙලී //
ඔබ කීව පෙම් කතා ඇසුරෙන්
ගීත මැවෙනවා...
ආහ හා... ආහා හා... ආහා හා... ආහහා...
රෑට තරු දහස් ගණන්
ඈත සුරපුරෙන් වැටී //
අද රෑට අද රෑට අද රෑට දිලෙනවා
ආහ හා... ආහා හා... ආහා හා... ආහහා...
0 comments:
Post a Comment