ඇය තුළ පැවති වලව් මාන්නය හේතුවෙන් විවාහය බිඳදමාගෙන යළි ගෙදර යන්නටද කැමැත්තක් ඇය තුළ නැත. දවසපුරා අධික ලෙස මත්වතුර පානය කරන සැමියාගෙන් ඇයට දවස පුරාම හිමිවූයේ, අනේකවිධ වධහිංසා පමණි. අලූත විවාහ වූ යුවළක් තුළ ඇති ආදරය, සෙනෙහස ඇයට විඳින්නට හැකිවූයේ නැත. ඒ වෙනුවට අසභ්‍ය ආකාරයේ බැණ වැදීම්, පහරකෑම් හා හිත්වේදනාවන් ඇයට නොඅඩුව ලැබුණි.
ඔහුට සොපිනෝනා අවශ්‍ය වූයේ සිය කායික අවශ්‍යතා ඉටුකර ගැනීමට පමණි. ඔහු තමා ළඟට පැමිණෙනවාටවත් ඇය කැමැත්තක් නොදැක්වූවාය. විවාහ වූ මුල් කාලයේ ඇය බියට පත්කර තම අවශ්‍යතා ඉටුකර ගත් සැමියා කල්ගත වෙද්දී බලහත්කාරයෙන්ම ඇය හා යහන්ගත වන්නට පුරුදු විය. සොපිනෝනාට මෙය මහත් පීඩාවක් වූ අතර මත්වතුර පානය කොට වෙරිමතින් සිහියක් කටක් නොමැති මිනිසකු හා යහන්ගත වීම ඇයට දැඩි පිළිකුල් සහගත අත්දැකීමක් විය. ඒ සියල්ලටම වඩා මත්වතුරින් විකෘති වූ මනසකින් හෙබි, කිසිදු ආදර හැඟීමක් නොමැති මිනිසකුගේ පීඩාකාරී හැසිරීම් රටාව දරාගැනීමට තරම් හැකියාවක් ඇයට තිබුණේ නැත.සොපිනෝනා ගැබ්ගන්නේ මේ කාලයේදීය. ඒ ඇයගේ බේබදු සැමියාගෙන්මය. එවන් පරිසරයක් තුළ වුවද ඔහුගේ බේබදුකම හෝ සොපිනෝනා විඳි පීඩාවන් කිසිදු අයුරකින් අඩුවූයේ නැත. දරුවා කුස තුළ දරාගෙන වුවත් ඔහුගේ පීඩාකාරී ශරීර අවශ්‍යතා ඉටුකරදීමට ඇයට සිදුවිය. අවසානයේ ඇය දැඩි තීරණයක් ගනිමින් ඔහු නිවසට පැමිණෙන අවස්ථාවේදී සිය කාමරයට වී දොරගුළු දමා ගැනීමට ඇය හුරුවූවාය. මුල් දින කිහිපයේ ඇයගේ කාමරයේ දොරට ගසමින් අසභ්‍ය වචනයෙන් බැණ වැදුණු ඇයගේ සැමියා ඊළඟට කළේ කිසිදු ලෙසකින් හෝ ඇය නොසිතූ දෙයකි. ඇය කාමරයේ සිටියදීම නිවසේ මෙහෙකාර තරුණියට ඔහු අතවර කළේ හිත්පිත් නොමැත්තකු විලසිනි. එදින සිදුවීමෙන් පසු ඔහු ඇය ගැන සොයමින් ඈ සමග ලිංගික සබඳතා නොපැවැත්වීය. සොපිනෝනාගේ ඇස් ඉදිරිපිට ඔහු දිගින් දිගටම මෙහෙකාර තරුණියට බලහත්කාරකම් කරමින් සිය කායික අවශ්‍යතා ඉටු කරගත්තේය.
මේ සියලූ සිදුවීම් මැද තම කුසට ආ දරුවා කෙරෙහිද සොපිනෝනා තුළ වූයේ දැඩි වෛරයකි. යහපත් විවාහ සබඳතාවක් හරහා උපන් දරුවකුට වඩා එම දරුවා තමාට සිදු වූ බලහත්කාරකමකින් උපන් දරුවකු යැයි යන හැඟීම ඇය තුළ විය. ඒ හේතුවෙන් තම දරුවාට දැඩි ලෙස වෛර කළ සොපිනෝනා ඉන් නොනැවතී එම වලව් පරපුරේ සියල්ලන්ටම දැඩි ලෙස වෛර කළාය.
කාලය කෙමෙන් කෙමෙන් ගෙවී ගියෙන් ඇයගේ දරු ප‍්‍රසූතිය සිදුවීමට නියමිත කාලයද පැමිණියේය. ඇයට විළිරුදාව සෑදෙන මොහොතේද කිසිදු වගකීමකින් තොරව ඇයගේ සැමියා අධික බීමතින් පසුවිය.
ඉනුත් නොනැවතී වින්නඹු මාතාව නිවසට පැමිණෙන විටද ඇය කාත් කවුරුන් හෝ නොමැතිව දරුවා බිහිකර අවසන්ය. ඇයගේ පැමිණීම ඒ ප‍්‍රමාද බව හඟවමින් ඒ වනවිටත් සොපිනෝනා දැඩි ලෙස අසාධ්‍ය තත්ත්වයේ පසු වූ අතර, කොතෙකුත් ප‍්‍රතිකාර කළද සොපිනෝනා දරුවා ඉපදී සුළු මොහොතකින් මෙලොව හැරදමා ගියාය. සොපිනෝනාගේ මව දරුවා රැුගෙන ගියේ මෙතෙක් සිය දියණිය විඳි දුක් කරදර සියල්ල ඔවුන්ට මළගෙදරදී දැනගැනීමට ලැබීමත් සමගය.
සොපිනෝනා මියගොස් ගෙවීගියේ තුන්මසකි. ඇයගේ සැමියාගේ වැඩිමහල් සහෝදරිය වූ ශ‍්‍රියාලතා පදිංචිව සිටියේ අළුත්ග මට ආසන්නයේ වූ අතර ඇය දරුවකු ලැබීමට ආසන්න කාලයේ පසුවූවාය. එක් දිනක් හවස හයට පමණ ඔවුන්ගේ නිවසේ ඉදිරි දොරට තට්ටු කරන ශබ්දයක් ඇසුණි. නිවසේ කිසිවකුත් පෙනෙන්නට සිටියේ නැත. ඇය ‘කවුද’ යැයි හඬ නගමින් ඇසුවද කිසිවකු උත්තර දුන්නේද නැත. මඳ වේලාවක් නිහඬව සිටිමින් නිවසේ දොර විවර කළ ඇය දුටුවේ කිසිලෙසකවත් බලාපොරොත්තු නොවූ දෙයකි. දොරට තරමක් ඉදිරියෙන් සුදු ඇඳුමකින් සැරසී කොණ්ඩය අවුල් වී ගිය ගැහැනියක් සිටගෙන සිටියාය. දොර විවර කළ සැණින් දුටු මේ දසුනින් ශ‍්‍රියාලතා දැඩි ලෙස බියපත් වූවාය. ඇයට ඉබේටම මෙන් කෑගැසුණි. පැමිණ සිටි අමුත්තියගේ මුහුණ දුටුවිට ඇය තව තවත් බියට පත් වූවාය. ඒ අන් කිසිවකු නොව මියගිය සොපිනෝනාය. මළගිය ආත්මය තමා දෙසට අත් දිගු කළ බව මතකය. එසැණින් ඇය සිහිසුන්ව ඇද වැටුණාය.
අසල්වැසියන් ඇය රෝහල්ගත කර තිබූ අතර ඇයට ඇතිවූ අධික කම්පනය හේතුවෙන් ඇයට දරුගැබ පවා අහිමි විය. ඇයගේ ජීවිතය බේරුණේද දැඩි අවදානම් සහගත තත්ත්වයක් මැද්දේ සති කිහිපයක් රෝහල්ගතව ප‍්‍රතිකාර ලැබීමෙන් අනතුරුවය.
ඒ ආකාරයට සොපිනෝනා සිය සැමියාගේ සහෝදරියගෙන් ඇරැුඹූ පලිගැනීම අද දක්වාම ක‍්‍රියාත්මක වෙමින් පවතී. එම පවුලේ එවකට සිටි දරුවන්ට පසු අලූතින් කිසිදු දරුවකුට මෙලොව එළිය දැකීමට සොපිනෝනාගේ ආත්මය ඉඩ දුන්නේ නැත. ඒ සියලූ දරුවන් කුස තුළදීම විනාශ කර දමන්නට තරම් ඇය වෛරයෙන් කටයුතු කළාය.
සොපිනෝනා මියයනවිට ඇයගේ සැමියාගේ වැඩිමහල් සහෝදරයාට වයස අවුරුදු පහක් පමණ පිරිමි දරුවකු විය. සොපිනෝනාගේ මරණයත් සමග දිගින් දිගටම හොරණ සිදු වූ සිදුවීම් හේතුවෙන් ඔහුගේ සිය පවුලම කොළඹ පදිංචියට පැමිණියේ තම දරුවා හෝ මේ අනතුරුවලින් බේරාගැනීමේ ප‍්‍රධාන අරමුණද සහිතවය. කාලය කෙමෙන් ගෙවී ගියේය. සොපිනෝනා මියගිය වලව්වේ එකල සිටි සැමියා, සේවිකාව මෙන්ම සැමියාගේ මවද අකාලයේ මියගියේය. වලව්ව ගරා වැටෙමින් වල් වැදී ගිය අතර, එය භූත බංගලාවක් යැයි ගමපුරා රාවයක් පැතිර ගියේ රාත‍්‍රී කාලයේ වේදනාවෙන් කෑ ගසන ගැහැනියකගේ හඬ නිවස දෙසින් ඇසුණු බොහෝ පිරිසක් ගමේ සිටි නිසාය. අප පෙර කී සොපිනෝනාගේ සැමියාගේ වැඩිමහල් සොහොයුරාගේ දරුවා විවාහ වූයේ ඇය මියගොස් වසර තිහකට පමණ පසුවය. ඔහු සේවය කළේ ප‍්‍රසිද්ධ සමාගමක නීති උපදේශකයකු ලෙසින් වූ අතර ඔහුගේ බිරිඳද එම ආයතනයේම උසස් තනතුරක් දරන්නියකි. විවාහ වී වසර කිහිපයකට පසු ඇය ගැබ් ගත්තාය. මාස හයකට පමණ පසු එක් දිනක් ඇය රැුකියාවට නොගොස් නිවසේ නතර වූයේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය නිසාය.
අසනීප තත්ත්වයෙන් පසු වූ ඇය ඇඳේ හාන්සි වී සිටියාය. නොදැනීම ඇය නින්දට වැටුණු අතර ඇය සිහිනයක් දුටුවාය. ඒ සිහිනය සැබෑ සිදුවීම් මාලාවක් මෙන්ය. ඇයගේ සැමියා හදිසියේ නිවසට පැමිණෙයි. ඔවුන්ගේ ගේට්ටුව අසල සිටි සුදු හැඳගත් ගැහැනියක් එක්වරම ඔහුට පොල්ලකින් පහර දෙන්නට පටන් ගනියි. පොලූ පහර වැදී ඔහු බිම ඇද වැටුණු පසුද ඇය නොනවත්වාම පහර දෙන්නට වූවාය. ඉන්පසු වියරුවෙන් මෙන් ඇය සිනාසුණාය. සැමියා ලේ විලක් මැද වැටී සිටින අයුරු ඇය දුටුවාය.
ඒ සැණින් අවදි වූ ඇය වේගයෙන් ඇඳෙන් බිමට පැන නිවසේ දොරද වේගයෙන් හැර ගේට්ටුව දෙසට දිවගියාය. ඒ සිය සැමියා සොයන්නටය. ඇයගේ කකුල පැටලී ගේට්ටුව දක්වා ඇති ගල් ඇල්ලූ මාර්ගයේ ඇය ඇදගෙන වැටුණි. ඇයට මතක එපමණය. සිහිය එනවිට ඇය සිටියේ රෝහලේය. ඇයගේ පළමු දරුවා කුස තුළදීම මිය ගොස් තිබුණි. එම සිදුවීමෙන් වසර අටක් ගෙවී ගියද තවම ඔවුනට දරුවකු නැත. සොපිනෝනා සැමියාගෙන්, ඇය විඳි දුක් කන්දරාව ඔහුගේ පරපුරටම දී පරපුරද විනාශකර දැමුවේ එලෙසිනි.
0 comments:
Post a Comment