Song Title : Saptha Warna Hiru Kiranin (සප්ත වර්ණ හිරු කිරණින්)
ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි
පද : සුනිල් සරත් පෙරේරා
තනුව : මහාචාර්ය සනත් නන්දසිරි
සප්ත වර්ණ හිරු කිරණින් සප්තස්වර රැව් දේවා
සප්ත ගිරෙන් හිරු එනවිට මුළු ලොව ගීයක් වේවා //
රිද්මයකට කිරණ විදා හිරු අහසේ හිනැහේවා
එකිනෙක මල් විකසිතවී ලොව මල් උයනක් වේවා //
සප්ත වර්ණ හිරු කිරණින් සප්තස්වර රැව් දේවා
සප්ත ගිරෙන් හිරු එනවිට මුළු ලොව ගීයක් වේවා //
රිද්මය හැමතැන පෑහී මිහිතලයම නැළවේවා
දුක් පීඩා හැම සේදී ජීවන මග සැරසේවා //
සප්ත වර්ණ හිරු කිරණින් සප්තස්වර රැව් දේවා
සප්ත ගිරෙන් හිරු එනවිට මුළු ලොව ගීයක් වේවා //
0 comments:
Post a Comment