Song Title : Sansaraye Ekama Ek Warak (සංසාරයේ එකම එක් වරක්)
ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය : ප්රීති රන්දෙණිය
තනුව : මහාචාර්ය සනත් නන්දසිරි
සංසාරයේ එකම එක් වරක්
අපි හමුවෙමු ආයේ
යළි වෙන් නොවනා ලෙස
අපි හමුවෙමු ආයේ
අපි හමුවෙමු ආයේ //
මුළු ලොව එරෙහිව අප වෙන් කළ සඳ
මගේ නිදොස් බව ඔබට කියන්නට //
ඔබව වැළඳගෙන හඬා වැටෙන්නට
කවදා හමුවේදෝ
සංසාරයේ එකම එක් වරක්
අපි හමුවෙමු ආයේ
ඔබ වෙන කෙනෙකුගෙ
මා තව කෙනෙකුගෙ
මියෙන තුරා අපි සැනසෙමු කවදා //
එන අත්භවයේ අප හමුවන්නට
කවදා මිය යම්දෝ
සංසාරයේ එකම එක් වරක්
අපි හමුවෙමු ආයේ
සංසාරයේ එකම එක් වරක්
අපි හමුවෙමු ආයේ
යළි වෙන් නොවනා ලෙස
අපි හමුවෙමු ආයේ
අපි හමුවෙමු ආයේ
0 comments:
Post a Comment