ඔන්න එහෙනම් ඔයාලගෙ තේ වෙලාවට ඉක්මනින් හා පහසුවෙන් හදා පුළුවන් රසම රස රුලං වැලිතලප ටිකක් මං ඔයාලට අරන් ආවා. එහෙනම් හදලා බලමු නේද 😍
✅ අවශ්‍ය ද්‍රව්‍ය :
- ☕ රුලං 400g ක් (මෙශරින් කප් 2 ක්)
- ☕ පොල් කෝප්ප 1 ක්
- ☕ සීනි 400g ක්
- ☕ වතුර කෝප්ප 1 ක් (සීනි උණුකර ගන්න)
- ☕ කරඳමුංගු කුඩු ටිකක්
- ☕ ලුනු ස්වල්පයක්
- ☕ අවශ්‍ය නම් වැනිලා ටිකක්
✅ සාදා ගන්නා ආකාරය :
- ♨️ මුලින්ම පොල් ටික සිහින්ව ගා ගන්න.
- ♨️ දැන් පොල් වලට ලුනු ස්වල්පයක් එක් කර හොඳින් මිශ්‍ර කරන්න.
- ♨️ පැතලි භාජනයක පොල් ටික අතුරා ඒ මත රුලං ටික දමා යාන්තමින් වතුර ටික ටික ඉසිමින් පිට්ටු ගොලගැටි (පිට්ටු කැට) කර ගන්න . ගොඩාක් වතුර දා ගෙන කැට ලොකු කර ගන්න එපා ඉතා සිහින්ව පිට්ටු කැට හදා ගන්න. අල්ලට රුලං මිශ්‍රණයෙන් ටිකක් ගෙන ගුලි කර බලන්න ඉහිරෙන්නෙ නැතුව තියෙනවා නම් වතුර ඇති.
- ♨️ දැන් හදාගත් පිට්ටු මිශ්‍රණය පිට්ටු බම්බුවක හෝ රෙදි කඩක් ගැට ගසා හෝ හුමාලයෙන් තම්බා ගන්න .මම පිට්ටු බම්බුවෙන් තම්බා ගත්තෙ.
- ♨️ තම්බා ගත් පිට්ටු නිවුනු පසු පොඩි කර ගන්න.
- ♨️ පසුව භාජනයක් ලිප තබා සීනි මේස හැඳි 4 ක් සහ වතුර මේස හැඳි 2 ක් එකතු කර රත් කර සීනි කැරමල් කර ගන්න.
- ♨️ සීනි කැරමල් වූ පසු එයට ඉතිරි වතුර සහ සීනි එකතු කර උණු කර ගන්න .එයට ලුනු ස්වල්පයක් එකතු කර ගන්න.
- ♨️ පැණි නූලක් ආකාරයට වැටෙන පදමට එනතුරු උණු කරන්න.
- ♨️ දැන් ගින්දර අඩුකර පිට්ටු සහ කරඳමුංගු කුඩු එකතු කර හොඳින් මිශ්‍ර කරමින් හැඳි ගාන්න.
- ♨️ මිශ්‍රණය එක ගුලියකට ආපසු බටර් තවරා ගත් තැටියක දමා කෙසෙල් කොලයකින් වඩවා ගන්න.
- ♨️ තරමක් නිවුණු පසු කෑලි කපා ගන්න.😋😋
හෙළයේ රස මිහිර
අපගේ page එකටත් like කරන්න
0 comments:
Post a Comment