- 🍫 රුලං 400g ක්
- 🍫 ගාන ලද පොල් 200g ක්
- 🍫 සීනි 600g ක්
- 🍫 බටර් මේස හැඳි 1 ක්
- 🍫 වැනිලා තේ හැඳි 1 ක්
- 🍫 කරඳමුංගු කුඩු ටිකක්
- 🍫 කපාගත් කජු ටිකක් ( අත්‍යාවශ්‍ය නැහැ )
- 🍫 ආහාර වර්ණක බිඳු කිහිපයක්
- 🍫 වතුර පීරිසි කෝප්ප 1 ක්
- 🍫 ලුණු ස්වල්පයක්
✅ සාදා ගන්නා ආකාරය :
- 🍫 මුලින්ම රුලං ටික තරමක් බැද ගන්න .පාට වෙනස් වෙන තුරු බදින්න එපා.
- 🍫 ගානලද පොල් ටිකද තෙත ඉවත් වනතුරු බැද ගන්න .එයද පාට නොවෙනස්ව බැද ගන්න .
- 🍫 කජු කැබලි වලට කපා ගන්න.
- 🍫 රුලං දමන ට්‍රේ එකට බටර් ආලේප කර සූදානම් කර තබන්න .
- 🍫 දැන් භාජනයක් ලිප තබා සීනි, ලුනු ටිකක් සහ වතුර කෝප්පයක් දමා උණුකරන්න .( නන්ස්ටික් භාජනයකට වඩා කට පලල් තාච්චියක් ගන්න පුළුවන් නම් වඩා හොඳයි, පදම බලා ගන්න පහසුයි )
- 🍫 පැණි නූලක් ආකාරයට වැටෙන පදමට උණු කර ගන්න .
- 🍫 පසුව එයට බැදගත් පොල්, කරඳමුංගු කුඩු, ආහාර වර්ණක බිඳු කිහිපයක් සහ වැනිලා එකතු කර පොල් ටික හොඳින් පැණියෙන් තැම්බෙන තුරු හැඳි ගාමින් පිස ගන්න .
- 🍫 පසුව ලිපෙහි ගින්දර අඩුකර එයට බැදගත් රුලං , කජු සහ බටර් එකතු කර හොඳින් මිශ්‍ර කරමින් හැඳි ගාන්න .
- 🍫 මිශ්‍රණය ඝන වී එක ගුලියකට එනතුරු නොනවත්වා හැඳි ගාන්න. භාජනය වටේ සීනි වියලෙන පදමේදී ලිපෙන් ඉවතට ගෙන බටර් තවරා ගත් තැටියට දමා තුනී කර ගන්න .
- 🍫 අවශ්‍ය ප්‍රමාණයට කෑලි ලකුණු කර මදක් නිවුණු පසු කෑලි කපා ගන්න.
- ඉතිං ඔයාලත් හදලා බලන්න ,ඉතාමත් පහසුයි ඒවගේම තද ගතියක් නැතුව ඉතාම මෘදුවට තියෙනවා , ඒවගේම ඉතාමත් රසයි 😋
හෙළයේ රස මිහිර
අපගේ page එකටත් like කරන්න
0 comments:
Post a Comment