✅ අවශ්‍ය ද්‍රව්‍ය :
- 🌶️ තරමක රාබු අලයක්
- 🌶️ කැරට් අලයක්
- 🌶️ අමු මිරිස් ටිකක්
- 🌶️ ලොකු බී ලූණු ගෙඩියක්
- 🌶️ තලාගත් අමු ඉඟුරු සහ සුදුළූනු ටිකක්
- 🌶️ විනාකිරි කෝප්ප 1/2 ක් පමණ
- 🌶️ අබ කුඩු තේ හැඳි 1 ක්
- 🌶️ ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2 ක්
- 🌶️ මිරිස් කුඩු තේ හැඳි 1 ක්
- 🌶️ කහකුඩු තේ හැඳි 1/4 ක් පමණ
- 🌶️ සීනි තේ හැඳි 1ක්
- 🌶️ රස අනුව ලුනු
✅ සාදා ගන්නා ආකාරය :
- ♨️ මුලින්ම රාබු සහ කැරට් පොතුහැර සෝදා අඟලක පමණ දිග තීරු කපා ගන්න .
- ♨️ අමු මිරිස් සෝදා දෙකට පලා ගන්න.
- ♨️ ළූනු කොටු හෝ තීරු කපා ගන්න.
- ♨️ දැන් භාජනයක් ලිප තබා එයට විනාකිරි සහ අනෙකුත් කලමණා දමා රත් කරන්න .
- ♨️ රත් වූ පසු තීරු කපාගත් කැරට්,රාබු, අමු මිරිස් සහ ලූනු එකතු කර හොඳින් කලවම් කර ලිපෙන් ඉවතට ගෙන වසා තබන්න .
- ♨️ පසුව ජීවානුහරණය කල වීදුරු බෝතල් වල අසුරා තබා ගන්න . දිනකට පසු කෑමට ගන්න පුළුවන් .
හෙළයේ රස මිහිර
අපගේ page එකටත් like කරන්න
0 comments:
Post a Comment