Song Title : Oba Ma Daya Diye Themu (ඔබ මා දයා දියේ තෙමූ)
ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව : මහාචාර්ය සනත් නන්දසිරි
ඔබ මා දයා දියේ තෙමූ
සෙනෙහේ නුවන් බිඳී
හද වෙදනා ගිලන්හලේ
නැවතී හිඳින්නෙමී
ඔබ මා දයා දියේ තෙමූ
සෙනෙහේ නුවන් බිඳී
මොහොත මොහොත පිය නොලා
ඒ ඔබේ නෙතේ //
මා දැවූ ප්‍රකෝපයේ
හී වැදී රිදී
හද වෙදනා ගිලන්හලේ
නැවතී හිඳින්නෙමී
ඔබ මා දයා දියේ තෙමූ
සෙනෙහේ නුවන් බිඳී
දෝත දෝත මී පුරා
දී දිනූ ලඳේ //
ආදරේ ප්‍රගීතයෙන්
දෑසවන් මිදී
හද වෙදනා ගිලන්හලේ
නැවතී හිඳින්නෙමී
ඔබ මා දයා දියේ තෙමූ
සෙනෙහේ නුවන් බිඳී //
හද වෙදනා ගිලන්හලේ
නැවතී හිඳින්නෙමී
ඔබ මා දයා දියේ තෙමූ
සෙනෙහේ නුවන් බිඳී
0 comments:
Post a Comment