Song Title : Oba Atha Sanda Wi Paya (ඔබ ඈත සඳ වී පායා)
ගායනය : බණ්ඩාර අතාවුද
පද : ජයලත් මනෝරත්න
තනුව : එච්.එම්. ජයවර්ධන
ඔබ ඈත සඳ වී පායා
මම මෑත තරුවක පිපිලා
මේ නිසල රැයේ ලොව නිදනා
මා ඔබ - ඔබ මා
ළඟ ඉන්නා
අප දුරින් දුරක වුව තනියේ
නෙත් සරින් පමණි හමු වූයේ
ඒ ඈත් බවෙහි හද බඳුණේ
සෙනෙහසේ සොඳුරු බව පිරුණේ
ඔබ ඈත සඳ වී පායා
මම මෑත තරුවක පිපිලා
මේ නිසල රැයේ ලොව නිදනා
මා ඔබ - ඔබ මා
ළඟ ඉන්නා
මධු සඳ තරු අද හමුවීලා
සිටියද ඔබ මා ළං වීලා
ඒ දුරක එදා අප පිපිලා
තිබූ සොඳුරු සෙනේ ගඟ සිඳිලා
ඔබ ඈත සඳ වී පායා
මම මෑත තරුවක පිපිලා
මේ නිසල රැයේ ලොව නිදනා
මා ඔබ - ඔබ මා
ළඟ ඉන්නා
0 comments:
Post a Comment