Musilaya Song Lyrics - මූසිලයා ගීතයේ පද පෙළ

Musilaya Song Lyrics - මූසිලයා ගීතයේ පද පෙළ
Song Title : Musilaya (මූසිලයා)
ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය : ධම්මික බණ්ඩාර
තනුව හා සංගීතය : ඩෙනිස්ටර් පෙරේරා


මූසිලයා
මූසිලයා යන පෙරහැර මඟ අයිනේ බලා සිටින
ගුත්තිල පඬිඳුගෙ දෑසින් කඳුළක් වැටුණා
ඒ එක්කම හීන් හිනාවක් මුව නැඟුනා
මූසිලයා

පවසා නෙක මුසාවාද රවටා ගෙන මතු පරපුර
මූසිලයා වැජඹෙයි මහ ඇදුරකු අයුරු
මහමෙර සේ නිසංසලයි ගුත්තිල ඇදුරු
මූසිලයා

වයනා තනු පදය අනුව රඟනා සිසු පැපුර මැද
මූසිලයා හිඳියි උඬඟු බැල්මෙන් වියරු
කුටියට වී තනිව වයයි ගුත්තිල ඇදුරු
මූසිලයා

මූසිලයා යන පෙරහැර මඟ අයිනේ බලා සිටින
ගුත්තිල පඬිඳුගෙ දෑසින් කඳුළක් වැටුණා
ඒ එක්කම හීන් හිනාවක් මුව නැඟුනා
මූසිලයා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Musilaya Song Lyrics - මූසිලයා ගීතයේ පද පෙළ Musilaya Song Lyrics - මූසිලයා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 30, 2022 Rating: 5

0 comments:

Post a Comment