Song Title : Me Rata Mage Rata (මේ රට මගෙ රට)
ගායනය : මාලනි බුලත්සිංහල
පද : මිරැණ්ඩා හේමලතා
තනුව : සංගීත් නිපුන් ජයන්ත අරවින්ද
මේ රට මගෙ රට
මා ඉපදුණ රට
හැදෙන වැඩෙන රට මගේ ම මව් රට //
සරු පස පොළවෙන්
වැහි බිඳු අහසෙන් //
මිණි කැට මුතු ඇට මගෙ සිරිලක ඇත
මේ රට මගෙ රට
මා ඉපදුණ රට
හැදෙන වැඩෙන රට
මගේ ම මව් රට //
මගෙ සිරිලක ගැන
ලොවට කියමි මම //
සුරපුරයක් වෙන ලොවේ මෙවැනි නැත
මේ රට මගෙ රට
මා ඉපදුණ රට
හැදෙන වැඩෙන රට
මගේ ම මව් රට //
එඩිතරකම ඇති
කම්මැළිකම නැති //
ළමයි සිටින රට මගෙ මේ සිරිලක
මේ රට මගෙ රට
මා ඉපදුණ රට
හැදෙන වැඩෙන රට
මගේ ම මව් රට //
0 comments:
Post a Comment