හැමදාමත් එකම රසට චිකන් කාලා ඇති වෙලා නේද 🤔 එහෙනම් අපි වෙනස්ම රසයකට චිකන් බැදුමක් හදමු නේද 😍 දුන්තෙල් බතට,කහ බතට වගේම කටගැස්මටත් කදිමට ගැලපෙනවා.
✅ අවශ්‍ය ද්‍රව්‍ය :
- 🍁 කුකුල් මස් 500g ක් පමණ (චිකන් බ්‍රෙස්ට් ගන්නවා නම් තමයි වඩා හොඳ.)
- 🍁 ගම්මිරිස් කුඩු තේ හැඳි 1 ක්
- 🍁 සිහින්ව ලියාගත් බී ලූනු ගෙඩියක්
- 🍁 තලාගත් සුදුළූනු බික් 3ක්
- 🍁 තලාගත් ඉඟුරු කැබැල්ලක්
- 🍁 දෙහි ගෙඩියක යුශ
- 🍁 කරපිංචා කොල ටිකක්
- 🍁 උලුප්පා ගත් පොල් කුඩා කැබලි වලට කපා කෝප්ප කාලක්
- 🍁 තෙල් මේස හැඳි 2 ක්
- 🍁 රස අනුව ලුණු
⭕ තුනපහ මිශ්‍රණය සඳහා
- 🍁 කොත්තමල්ලි ඇට තේ හැඳි 3 ක්
- 🍁 වියලි මිරිස් කරල් 10ක්
- 🍁 ගම්මිරිස් ඇට 10 ක්
- 🍁 කහකුඩු තේ හැඳි කාලක්
✅ සාදා ගන්නා ආකාරය :
- ♨️ කුකුල් මස් කුඩා කැබලි වලට කපා සෝදා ගන්න.
- ♨️ පහේ ටික කබලේ බැද කුඩුකර ගන්න.
- ♨️ දැන් භාජනයක් ගෙන එයට සෝදා ගත් කුකුල් මස්, කුඩුකර ගත් තුනපහ , දෙහි යුශ , ලුනු, කුඩු සහ ගම්මිරිස් කුඩු එකතු කර හොඳින් මිශ්‍ර කර සීසන් වෙන්න පැය බාගයක් පමණ තබන්න . ඊට වැඩි වෙලාවක් තිබුනත් කමක් නැහැ.
- ♨️ පසුව පෑන් එකක් ලිප තබා තෙල් මේස හැඳි 2 ක් දමා රත් කර තලාගත් ඉඟුරු , සුදුළූනු දමා හොඳින් තෙම්පරාදු කර ගන්න.
- ♨️ පසුව එයට කරපිංචා එක් කරන්න.
- ♨️ දැන් සිහින්ව ලියාගත් බී ලූනු ටික ද එකතු කරන්න.
- ♨️ පසුව එයටම කපාගත් පොල් කැබලි එකතු කරමින් හොඳින් තෙම්පරාදු කරන්න.
- ♨️ දැන් එයට සීසන් කරගත් කුකුල් මස් එකතු කර හොඳින් මිශ්‍ර කර විනාඩි 3 ක් සාමාන්‍ය ගින්දරේ පිසින්න.
- ♨️ පසුව ලිපේ ගින්දර අඩුකර පියනකින් වසා වරින් වර මිශ්‍ර කරමින් විනාඩි 20ක් පිස ගන්න. ඉතාම අඩු ගින්දරේ පිස ගන්න , අමතක නොකර වරින්වර මිශ්‍ර කරන්න .නැත්නම් තුනපහ ටික පිච්චිලා තිත්ත රසක් එන්න පුළුවන් . ගින්දර පාලනය තමයි මේකෙදි ඉතාම වැදගත් වෙන්නෙ.
- ♨️ විනාඩි 20 කට පසුව පියන ඉවත් කර තව වතුර ගතිය තියෙනවා නම් , ගින්දර වැඩිකර වතුර ගතිය සිඳෙන තුරු පිස ගන්න.
- ♨️ ඔයාලට මේක සරසා ගන්න ඕනෙ නම් වෙනම පෑන් එකකට තෙල් ටිකක් දමා රත් වන විට පොල් කැබලි ටිකක් දමා රන්වන් පැහැ වනතුරු බැද ගන්න . එම තෙල් ටිකටම කරපිංචා ටිකක් එකතු කර බැද ගෙන කුකුල් මස් එක උඩින් දමන්න.
ඔන්න එහෙනම් ඔයාලත් හදලා රස කියන්නකෝ 😍
හෙළයේ රස මිහිර
අපගේ page එකටත් like කරන්න
0 comments:
Post a Comment