💠 කැවුම් හදන්න කලින් ඔයාලා මෙන්න මේ දේවල් ගැන දැනුවත් වෙන්න එතකොට මේක හරිම ලේසියි කියලා ඔයාලට තේරෙයි.
🌼 කැවුම් වල පැණිරස අඩුවෙන් යොදන තරමට ඔයාලට ලස්සනට කොණ්ඩය හදා ගන්න පහසු වෙනවා. ඒත් කැවුම් රස වෙන්න නම් පදමට පැණිරස තියෙන්න ඕන.
🌼 ඒවගේම තමයි ගින්දර පාලනය. ගොඩාක් ගින්දර දාගෙන කැවුම් හදන්න එපා , කැවුම් ඉක්මනින් කලු වෙනවා ,මැද අමු වෙනවා. අනික කොණ්ඩය හදා ගන්න කලින් පිටි හයි වෙනවා ,පිටි උඩට ගන්න බැරි වෙනවා.
🌼 ෆ්‍රෙශ් මිල්ක් හෝ පිටිකිරි යෙදුවම කැවුම් ගොඩාක් මෙලෙකට දින කිහිපයක් උනත් තියා ගන්න පුළුවන් . එතකොට ගල් කැවුම් කන්න ඕන නෑ.
🌼 කැවුම් මිශ්‍රණය යොදලා පිපෙන්න තියන තරමට කැවුම් හදා ගන්න පහසුයි . ඒවගේම පොල්පැණි දාලා හැදුවම කැවුම් හොඳට පිපිලා තියෙනවා.
🌼 ඒවගේම කැවුම් පිසීමේදී තෙල් ගොඩක් දාගන්න එපා ඉතාම අඩු ප්‍රමාණයක් දාන්න. නැත්නම් කොණ්ඩය සකස් කර ගන්න අමාරුයි.
එහෙනම් ඔයාලගෙ ප්‍රශ්න වලට උත්තර ලබෙන්න ඇති , හදන හැටි බලමු.
✅ අවශ්‍ය ද්‍රව්‍ය :
- 🌷 තෙත හාල් පිටි කෝප්ප 3 ක්(හාල් 250g කින්)
- 🌷 පාන්පිටි කෝප්ප 1 1/2 ක්
- 🌷 සීනි 150 ක්
- 🌷 පොල්පැණි කෝප්ප 1/2 ක්
- 🌷 බැද කුඩුකරගත් මාදුරු ස්වල්පයක්
- 🌷 තලාගත් කරඳමුංගු කුඩු ටිකක්
- 🌷 ෆ්‍රෙශ් මිල්ක් හෝ පිටිකිරි කෝප්ප 1/4 ක්
- 🌷 රස අනුව ලුනු
✅ සාදා ගන්නා ආකාරය :
- 🌷 සහල් සෝදා පැය 2 ක් හෝ ඊට වැඩි කාලයක් පොඟවා ගන්න.
- 🌷 පොඟවා ගත් සහල් වතුර පෙරා තෙත සිඳුණු පසු කොටා හලා ගන්න.
- 🌷 පාන්පිටි සහ සහල් පිටි එකට මිශ්‍ර කර හලා ගන්න.
- 🌷 සීනි හා පැණි මදක් උණුකර නිවා ගන්න.ගොඩාක් උණු කරන්න එපා සීනි දියවන තුරු රත් කර ගත්තම ඇති.
- 🌷 නිවාගත් පැණි වලට හලාගත් පිටි , බැද කුඩුකර ගත් මාදුරු ,කරඳමුංගු කුඩු සහ අවශ්‍ය පමණ ලුනු කුඩු එකතු කර මිශ්‍ර කරන්න.
- 🌷 දැන් එයට පිටිකිරි හෝ ෆ්‍රෙශ් මිල්ක් ටික ටික එකතු කරමින් අතින් හොඳට අනා ගෙන පැය 2 ක් පමණ වසා තබන්න . පැය 2 කට වැඩි උනාට කමක් නැහැ.
- 🌷 පසුව මේ පිටි මිශ්‍රණය ගෙන නැවත හොඳින් හැඳි ගාන්න . මිශ්‍රණය ඝන වැඩි නම් නිවාගත් තේ කහට ටිකක් එකතු කර තරමක් දියාරු මිශ්‍රණයක් සකස් කර ගන්න . හැන්දෙන් උඩට ඉස්සූ විට නොකැඩී පහතට වැටෙන්න තියෙන්න ඕන.
- 🌷 දැන් තෙල් තාච්චියක් ලිප තබා තෙල් රත් වන විට සාදා ගත් මිශ්‍රණයෙන් කැවුමකට අවශ්‍ය ප්‍රමාණයට තෙලට වත් කරන්න .මෙයට බොකුටු හැන්දක් හෝ අඬු කෝප්පයක් පාවිච්චි කරන්න පුළුවන්.
- 🌷 තව දෙයක් කියන්න ඕන පැණි රස ඇතිද කියලා බලන්න , මදි වගේ නම් සීනි ටිකක් එකතු කරන්න වැඩි නම් පිටි ටිකක් එකතු කර හදාගන්න පුළුවන්.
- 🌷 කැවුම මදක් තැම්බීගෙන පිපී එනවිට ඉරටුවක් හෝ කූරක් ගෙන කැවුමේ මැදින් සිදුරු කර තෙල් හැන්දකින් කැවුමට තෙල් ඉසිමින් අනෙක් අතින් ඉරටුව කරකවමින් කොණ්ඩය මුදුන් කර ගන්න.
- 🌷 පසුව ඉරටුව ඉවතට ගෙන හැන්දෙන් තෙල් ඉසිමින් කැවුම හොඳින් බැද ගන්න.
- 🌷 හොඳින් බැදුනු කැවුම් තෙල් ඉවත් වන තුරු පිරිසිදු කඩදාසියක් මතට දමන්න.
ඔන්න එහෙනම් ඔයාලත් හදලා ඔයාලගෙ අවුරුදු කෑම මේසය රසවත් කරගන්න 😍
හෙළයේ රස මිහිර
අපගේ page එකටත් like කරන්න
0 comments:
Post a Comment