Song Title : Kawrudo Ara Kauluwen (කවුරුදෝ අර කවුළුවෙන්)
මුල් ගායනය : ශාන්ති ගීතදේව
නව ගායනය : සනත් නන්දසිරි
පද රචනය : ඩෝල්ටන් අල්විස්
සංගීතය : සනත් නන්දසිරි
කවුරුදෝ අර කවුළුවෙන්
හිනාවී එබිකම් කලේ
ඒ හිනාවෙන් මා වෙලන්නද
මා වෙලාගෙන මට තලන්නට
ඈ හිනාවෙන්නේ //
හිතින් මට බැ ඈත යන්නට
ඒ නුවන් දැහැනින් මිදීලා //
කවුළුවේ දොර හදින් හැරගෙන
නෙත් ලඟින් ඉන්නම්
කවුරුදෝ අර කවුළුවෙන්
හිනාවී එබිකම් කලේ
ඒ හිනාවෙන් මා වෙලන්නද
මා වෙලාගෙන මට තලන්නට
ඈ හිනාවෙන්නේ
කතා නොකරන තාරකාවක්
පාර කීවත් මම නොයන්නම් //
කවුළුවෙන් දොර හදින් හැරගෙන
නෙත් ලඟින් ඉන්නම්
කවුරුදෝ අර කවුළුවෙන්
හිනාවී එබිකම් කලේ
ඒ හිනාවෙන් මා වෙලන්නද
මා වෙලාගෙන මට තලන්නට
ඈ හිනාවෙන්නේ
0 comments:
Post a Comment