Geethayak Se Mathuweyan Song Lyrics - ගීතයක් සේ මතුවෙයන්‍ ගීතයේ පද පෙළ

Geethayak Se Mathuweyan Song Lyrics - ගීතයක් සේ මතුවෙයන්‍ ගීතයේ පද පෙළ
Song Title : Geethayak Se Mathuweyan (ගීතයක් සේ මතුවෙයන්‍)
ගායනය : අසංක ප්‍රියමන්ත පීරිස්
සංගීතය : රෝහණ වීරසිංහ
ගී පද : ආනන්ද හේවාරන්හිඳගේ


ගීතයක් සේ මතුවෙයන්
නොසිතූ වෙලාවක
හීනයක් සේ පෑදියන්
තනිවූ විරාමෙක //
මා හැරදමා ගිය මියුලැසී

හෙට දිනක් පෙර මඟක් අරමුණක් නැති
ගෙවෙන දිවියේ.. ඉසිඹුවක් ලෙස හෝ..
ගෙවුනු රස බර මතක මතුකර හිනැහියන්
මා හැර දමා ගිය මියුලැසී

ගීතයක් සේ මතුවෙයන්
නොසිතූ වෙලාවක
හීනයක් සේ පෑදියන්
තනිවූ විරාමෙක //
මා හැරදමා ගිය මියුලැසී

හිනැහෙමින් වැලපෙමින් තුටු සිතින්
පෙම් පිරූ සමයේ සලකුණක් ලෙස හෝ
පුරුදු ඉමිහිරි සිහින සමඟින් දැවටියන්
මා හැරදමා ගිය මියුලැසී
ගීතයක් සේ මතුවෙයන්
නොසිතූ වෙලාවක
හීනයක් සේ පෑදියන්
තනිවූ විරාමෙක //
මා හැරදමා ගිය මියුලැසී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment